රජය ගනිමින් තිබෙන ක්‍රියාමාර්ග සමග මත්ද්‍රව්‍ය බන්ධනාගාරවලට ලැබීම බොහෝදුරට වැළකීම හේතුවෙන් ඉකුත් සතියේ දී රැඳවියන් තිදෙනකු දිවි නසාගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අනාවරණ කළේය.
මේ අතර අද (24) සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.
“විශේෂයෙන්ම බන්ධානාගාරයෙන් පිටත ආරක්ෂාව සඳහා මෙම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවන්නේ, මෙම නිලධාරීන් බන්ධනාගාරයට ඇතුළු වන නිලධාරීන්, සිරකරුවන් පරීක්ෂා කරනවා.“ යනුවෙන් ඒ මහතා පැවසීය.
“බන්ධනාගාරවලට මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ නැති නිසා පසුගිය සතියක කාලය තුළ මත්ද්‍රව්‍යයට හුරු වූ බන්ධනාගාර රැඳවියන් අසහනකාරී ලෙස හිටියා. පසුගිය සතියේ ඒ අතුරින් තිදෙනෙකු දිවි නසා ගත්තා“ යනුවෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් පැවසීය.
මේ අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පොළොව යට ආරක්ෂිතව වල දමා තිබූ ජංගම දුරකතන 19ක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.






















