Monday, September 7, 2026
HomeNEWSLatest Newsනිලන්ත ජයවර්ධන 17 වන දිනටත් පාස්කු කොමිසම ඉදිරියේ සාක්ෂි දෙයි

නිලන්ත ජයවර්ධන 17 වන දිනටත් පාස්කු කොමිසම ඉදිරියේ සාක්ෂි දෙයි

නිලන්ත ජයවර්ධන 17 වන දිනටත් පාස්කු කොමිසම ඉදිරියේ සාක්ෂි දෙයි

2018 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි නොවු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යළි සහභාගි වුයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසුදින පැවති ආරක්ෂක කවුන්සලයට බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (24) අනාවරණ කළේය.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්ය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා 17 වන දිනටත් පාස්කු කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදුනි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට පෙර විධිමත් ලෙස ජාතික ආරක්ෂක කවුන්සලය රැස් නොවුනද, ප්‍රහාරයට පසු එය දෛනිකව රැස්වන තත්ත්වයකට පැමිණි බවය.

ප්‍රහාරයට පසුදින පැවති ජාතික ආරක්ෂක කවුන්සිලයේදි එහි සිටි කිසිවෙකු හෝ ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට දෝෂාරෝපණය කළේදැයි ජනාධිපති කොමිසම එහිදී නිලන්ත ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ තමා  නිදහසට හේතු විමසනතෙක් නොසිටි අතර 2018 සිට පාස්කු ප්‍රහාරය තෙක් වාර්තා කර තිබූ සියලු දේ ජාතික ආරක්ෂක කවුන්සලයට ප්‍රකාශ කළ බවය.

ජනාධිපතිවරයා අදාළ රැස්වීම අතරතුර තමාට දෝෂාරෝපණය නොකළේදැයි කොමිසම විමසූ අවස්ථාවේ සාක්ෂිකරු ප්‍රකාශ කළේ  ” ඔයා දැනගෙන සිටියේ නැද්ද ” යනුවෙන් පමණක් ජනාධිපතිවරයා තමාගෙන් විමසු බවය.

” මම ඔබතුමාට කථාකරන්න උත්සහ කළා ” යනුවෙන් තමන් ජනාධිපතිවයාට පිළිතුරු දුන් බවත් නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තැබූ රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුව2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වාවියානාහි පැවැති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img