ලොව වේගවත්ම මිනිසාටත් කොරෝනා වැළදේ
ලොව ජීවත් වන වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ඔලිම්පික් ශූර උසේන් බෝල්ට් හට කොරෝනා වෛරසය වැළදී ඇතැයි වාර්තා වේ.
ඔහු සිය 34 වන උපන්දිනය සැමරුවේ අගෝස්තු 21 වන දා ය.
ජැමෙයිකාවේ පැවති ඔහුගේ උපන්දින සාදයට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද, සහභාගී වූ බව වාර්තා වේ.






















