Friday, October 30, 2026
HomeNEWSLatest Newsමධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් රුපියල් මිලියන 3400ක...

මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් රුපියල් මිලියන 3400ක මුදලක් වෙන් කරයි

මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් රුපියල් මිලියන 3400ක මුදලක් වෙන් කරයි

මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සභා වාරය, අද 2020.10.29 දිනමධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සභාපති, ගරු අග්‍රාමාත්‍ය සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

මෙහිදී මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබෙන ආයතනවල ඉදි කිරීම් සෘජු කොන්ත්‍රාත් පදනම මත රජයේ ඉදිකිරීම් ආයතන වෙත ලබාදීමට ගරු අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දුන්නේය.

දඹානේ ආදිවාසීන්ට අයත්, එක්‌සත් රාජධානියෙහි එඩින්බර්ග් සරසවි කෞතුකාගායේ තැන්පත් කොට තිබූ, ආදිවාසී ජනතාවගේ හිස්‌කබල් නැවත ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට භාර දීම එඩින්බර්ග් සරසවියේ පැවැති උත්සවයකදී සිදු විය.

ඒ අනුව පුරාවිද්‍යා වටිනාකමකින් යුත්, ආදිවාසී ජනයාට අයත් යැයි පැවසෙන මෙම අස්ථි කොටස් තැන්පත් කිරීම සඳහා කෞතුකාගාරයක් ඉදි කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් වෙන් කිරීමට ද අග්‍රාමාත්‍යතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

2021 වර්ෂය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 3400ක මුදලක් අනුමත කිරීම ද මෙම කමිටුවේදී  සිදු විය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේෂ් ධර්මවර්ධන, සංචාරක අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙරත් දිසානායක මහත්වරු එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img