Sunday, October 25, 2026
HomeNEWSමන්ත්‍රී හරීන් ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බව විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේදී කියයි

මන්ත්‍රී හරීන් ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බව විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේදී කියයි

මන්ත්‍රී හරීන් ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බව විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේදී කියයි

පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගැනීමේ සූදානමක් පවතින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් කථානායකවරයා මැදිහත්විය යුතු බව පාර්ලිමේන්තුවේදී අද (23) විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට දැනුම් දී තිබේ.

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පසුගිය අඟහරුවාදා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 40දෙනෙකු පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ව අත්අඩංගුවට නොගන්නා බවට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් වගකීමෙන් ප්‍රකාශකරන බවය.

මේ අතර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දැනට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙන බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img