ඉදිරියේදී යම් ප්‍රදේශයක කොවිඩ් රෝගීන් බහුලව හමුවුවහොත් එම ප්‍රදේශ හුදකලා කිරීමට අනිවාර්යෙන් ම පියවරගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නමුත් එළඹෙන දීර්ඝ සති අන්තයේදී නගර අතර සංචරණය කිරීම අඩුකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
“අපි එන්නේ දීර්ඝ සති අන්තෙකට. හැම දෙනාම අහනවා රට ලොක් ඩවුන් කරනවද නැත්නම් වෙනත් නීති පනවනව ද කියලා. දැනට අපේ එවැනි කිසිම බලාපොරොත්තුවක් නෑ.”






















