Sunday, October 25, 2026
HomeNEWSශ්‍රී ලංකාවට අලුත් කොවිඩ් ප්‍රභේදයක් ඇවිල්ලා -මහාචාර්ය නීලිකා මලවිගේ

ශ්‍රී ලංකාවට අලුත් කොවිඩ් ප්‍රභේදයක් ඇවිල්ලා -මහාචාර්ය නීලිකා මලවිගේ

ශ්‍රී ලංකාව තුළට නව කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.

මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කොවිඩ් -19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

මීට පෙර වාර්තා වු කොවිඩ් ආසාදිතයින්ට වඩා මේ මොහොතේ වාර්තා වන ආසාදිතයින්ගේ රෝග ලක්ෂණවල යම් යම් වෙනස්වීම් දක්නට ලැබෙන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

එම වෛරසය වාතය මඟින් බෝවීමක් පෙන්නුම් කරන නිසාවෙන් වෙනදාට වඩා මුව ආවරණ සැලකිලිමත්ව පැළඳීම වැදගත් බව ද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.

වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය,

“මේ අවස්ථාවේ අපට දක්නට ලැබෙනවා සුළු වශයෙන් වෙනස් රෝග ලක්ෂණ. තරුණ අයටත් තරමක් දරුණු රෝග ලක්ෂණ මතුවෙනවා. රෝග ලක්ෂණ මතුවෙමින් පවතින අයගෙත් ප්‍රතිශතය ටිකක් වැඩිවෙනවා. ඉන්දියාවේ සහ අපේ ජාන රටාව වෙනස්. ඉන්දියාවේ තරුණ අය ආසාදිතයින් බවට පත්වීම හා මියයන ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. මේ නව ප්‍රභේදය එක්ක මේ වගේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්.වාතයෙන් බෝවෙන හින්දා වෙනදාටත් වඩා මාස්ක් එක දැමීම, මාස්ක් එක නිවැරදිව දැමිය යුතුයි. එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නකොට වාතයේ තියෙන වෛරස ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට තමන් රෝගීයෙක් වීමේ හැකියාව වැඩියි. අවාසනාවකට අපිට ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා. ඒකට මුහුණදීමට නම් සාමුහිකව කටයුතු කිරීම වැදගත්“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img