Thursday, September 10, 2026
HomeNEWSශ්‍රී ලංකාවට අලුත් කොවිඩ් ප්‍රභේදයක් ඇවිල්ලා -මහාචාර්ය නීලිකා මලවිගේ

ශ්‍රී ලංකාවට අලුත් කොවිඩ් ප්‍රභේදයක් ඇවිල්ලා -මහාචාර්ය නීලිකා මලවිගේ

ශ්‍රී ලංකාව තුළට නව කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.

මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කොවිඩ් -19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

මීට පෙර වාර්තා වු කොවිඩ් ආසාදිතයින්ට වඩා මේ මොහොතේ වාර්තා වන ආසාදිතයින්ගේ රෝග ලක්ෂණවල යම් යම් වෙනස්වීම් දක්නට ලැබෙන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

එම වෛරසය වාතය මඟින් බෝවීමක් පෙන්නුම් කරන නිසාවෙන් වෙනදාට වඩා මුව ආවරණ සැලකිලිමත්ව පැළඳීම වැදගත් බව ද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.

වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය,

“මේ අවස්ථාවේ අපට දක්නට ලැබෙනවා සුළු වශයෙන් වෙනස් රෝග ලක්ෂණ. තරුණ අයටත් තරමක් දරුණු රෝග ලක්ෂණ මතුවෙනවා. රෝග ලක්ෂණ මතුවෙමින් පවතින අයගෙත් ප්‍රතිශතය ටිකක් වැඩිවෙනවා. ඉන්දියාවේ සහ අපේ ජාන රටාව වෙනස්. ඉන්දියාවේ තරුණ අය ආසාදිතයින් බවට පත්වීම හා මියයන ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. මේ නව ප්‍රභේදය එක්ක මේ වගේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්.වාතයෙන් බෝවෙන හින්දා වෙනදාටත් වඩා මාස්ක් එක දැමීම, මාස්ක් එක නිවැරදිව දැමිය යුතුයි. එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නකොට වාතයේ තියෙන වෛරස ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට තමන් රෝගීයෙක් වීමේ හැකියාව වැඩියි. අවාසනාවකට අපිට ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා. ඒකට මුහුණදීමට නම් සාමුහිකව කටයුතු කිරීම වැදගත්“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img