පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරයක් හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට අද (24) හැකි විය.ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර මහතා තේරී පත් විය.එහිදී සමගි ජන බලවේගයට ඡන්ද 23 – 22 ක් ලෙස ජයග්‍රහණය කළේය.






















