ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (19) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්ය සාකච්ඡාවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස්
අල්ලස් හෝ දූෂණ කොමිශන් සභාවට හෙට පැමිණෙන්න යයි කියා මට පණිවිඩයක් එවා තිබෙනවා.
2009 යුද්ධය අවසාන වීමෙන් පසු මේ රටේ විදේශ කටයුතු අමාත්යවරයා හැටියට වැඩ භාර ගැනීමෙන් පසු විදේශ කටයුතු අමාත්යංශයේ පැවතුණු සාකච්ඡාව පිළිබඳ තොරතුරු කිහිපයක් ලබා ගැනීමට අවශ්යයි කියා තමයි දැනුම් දීලා කර තිබෙන්නේ. කොමිසන් සභාව ඉදිරියේ පැවැත්වෙන විමර්ශනයකට ඒ කරුණු අදාළයි කියලා.
එත් සමඟම ඒ විදේශ කටයුතු අමාත්යංශය තුළ පැවතිච්ච සාකච්ඡාව පිළිබඳ ඒ විස්තර ලබා දීමට හෙට උදෑසන මම අල්ලස් හෝ දූෂණ කොමිශන් සභාවට යනවා. ඒ ගැන කිසිම ගැටළුවක් නැහැ.






















