Saturday, September 12, 2026
HomeNEWSLatest Newsමහ පොළොවේ සතුන් මරා දමමින් යන රසායනික පොහොර භාවිතය සම්පුර්ණයෙන් රටින් තුරන්...

මහ පොළොවේ සතුන් මරා දමමින් යන රසායනික පොහොර භාවිතය සම්පුර්ණයෙන් රටින් තුරන් කළ යුතුයි. – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

මහ පොළොවේ සතුන් මරා දමමින් යන රසායනික පොහොර භාවිතය සම්පුර්ණයෙන් රටින් තුරන් කළ යුතුයි.– නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

මහ පොළොවේ සතුන් මරා දමමින් යන රසායනික පොහොර භාවිතය සම්පුර්ණයෙන් රටින් තුරන් කළ යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

වසර ගණනාවක් තිස්සේ රසායනික පොහොර භාවිතය නිසා සිදුව ඇති විනාශයෙන් අද වන විට ජනතාව විදවමින් සිටින බවද ආණ්ඩුකාරවරිය කීවාය. ගල්ඔය වැවිලි සමාගම මගින් පාලනය වන හිගුරාණ සීනි කම්හලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.

1960 වසරේ ආරම්භ කළ මෙම කර්මාන්ත ශාලාව අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට එංගලන්තයෙන් ලද ත්‍යාගයක් වන අතර ඒ වන විට දකුණු ආසියාවේ පිහිටි විශාලම සීනි කර්මාන්ත ශාලාව මෙයයි. මෙම කර්මාන්ත ශාලාව තුළ දැනට සේවකයින් 1100ක් පමණ සේවයේ නියැලෙමින් සිටින අතර එමගින් ප්‍රදේශයට ලැබී ඇති වක්‍ර රැකියා ප්‍රමාණය 18000කි. කර්මාන්ත ශාලාව සමග ඒකාබද්ධවී සිටින උක් ගොවින් සංඛ්‍යාව 4400ක් පමණ වේ. දැනට හෙක්ටයාර් 6700ක පමණ උක් වගා කර ඇති බවද ආයතන ප්‍රධානීන් ආණ්ඩුකාරවරිය හමුවේ පැවසූහ.

ගොවින්ගේ අස්වනු මිලදි ගැනිමේදී ඔවුන්ට එකවර විශාල මුදලක් ලබා දීම වෙනුවට ඔවුන්ගේ ජීවන මට්ටම ඉහල නැංවීම සදහා අස්වනු මිලදි ගැනීමේ දි ලබා දෙන මුදල් ප්‍රමාණය කළමනාකරණය කර ගත හැකි වැඩසටහනක් සකස් කරන්නැයි ආණ්ඩුකාරවරිය මෙහිදී කීවාය.

ඊට අමතරව පළාත් සභාවක් ලෙස මෙම ආයතනයට අවශ්‍ය සහයෝගය නිරතුරුව ලබා දෙන බවද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය.

එම භුමියේ ස්ථාපිත කර ඇති කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනාගාරය ද ආණ්ඩුකාරවරිය නිරික්ෂණය කළාය.

මේ අවස්ථාවට පළාත් මාර්ගස්ථමගී ප්‍රවාහන අධිකාරියේ සභාපති චාමර නිලංග මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img