Saturday, September 12, 2026
HomeNEWSLatest Newsරිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලීමට මැතිවරණ කොමිසමේ සභාපතිට තිබෙන බලය...

රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලීමට මැතිවරණ කොමිසමේ සභාපතිට තිබෙන බලය කුමක්ද?

රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලීමට මැතිවරණ කොමිසමේ සභාපතිට තිබෙන බලය කුමක්ද?

– ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ
රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට සහ නීතිය  ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ලිපි යැවීමට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ඇති බලය කුමක්දැයි ප්‍රශ්න කරන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, යමෙකු අපරාධ වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලීමට කවර බලධාරියෙකුට වුව නොහැකි බව පෙන්වා දෙයි.
ඊයේ (20) අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ ඇමතිවරයා මෙසේ ද සඳහන් කළේය.
“පාස්කු ඉරිදා ප්‍රහාරයේ මිනීමරුවන් පිළිබඳ කෙරුණු පරීක්ෂණ පසුගිය ආණ්ඩුව සමයේ වසා දැමුවේ කෙසේද? කියා ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කොමිසම හමුවට ඇවිත් පොලිස් නිලධාරීන් අද සාක්ෂි ලබා දෙනවා. ‘සීඅයිඩීයේ හිටපු ප්‍රධානියා අපට උපදෙස් දුන්නා, එක් ත්‍රස්තවාදියෙකුගේ ගෙදර තිබුණු සීසීටීවී දර්ශන මකා දමන්න. හේතුව තමයි ඒ ආණ්ඩුවේ ඇමතිවරුන් ඒ ගෙදරට ගිහින් තිබීම,’ යන්නත් මෙලෙස පොලිස් නිලධාරීන් ලබා දුන් සාක්ෂියක්. ඒ වහපු තොරතුරු අද මෙලෙස එළියට එනවා.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ මල්ලි අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔප්පු කළ හැකි හේතු කාරණා සහිතවයි. දැන් එසේ හේතු කාරණා සහිතව රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පොලිස්පතිවරයාට, සීඅයිඩිය ඇතුළු නීතිය ක්‍රියාත්මක ආයතනවලට ලිපි යවනවා, ‘මැතිවරණය අවසන් වන තෙක් රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන්න’ කියා. මා වුවත් අපරාධ වරදක් සිදු කළොත් අත්අඩංගුවට ගත යුතුයි. එවිට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කිව හැකිද ‘මැතිවරණය අවසන් වන තෙක් විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න’ කියලා. මැතිවරණ කොමිසමේ සභාපතිට එවැනි බලයක් නැහැ. මේ රටේ අත්අඩංගුවට ගත යුත්තේ කවුද, කවර වෙලාවකද, කියා නියෝග දීමට ද මැතිවරණ කොමිසමේ සභාපති ඉන්නේ?
‘මැතිවරණ කොමිසමේ සභාපතිගේ හඬපට’
ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිගේ හඬපට දැන් එළියට ඇවිත් තියෙනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් ඒ ගැන හෙළිදරව් කරන්නේ නැහැ. ‘මැතිවරණ කොමිසමේ සභාපතිගේ කලිසම ගැලවෙයි’ කියලා ඔවුන් බියයි. මොකද එක්තරා මාධ්‍ය ආයතයනයක් ඔහුට මීට ඉහත දී ‘හොඳම රාජ්‍ය සේවකයා’ ලෙස සම්මානයක් ද ලබා දී තිබෙනවා. ඒ හඬපටවල තියෙනවා, ‘සජිත් ප්‍රේමදාසගේ පක්ෂය නිත්‍යනුකූලව වලංගු නැහැ’ කියා ඔහු පවසන අයුරු. ඒත් එයා නිත්‍යනුකූලව වලංගු නැති පක්ෂයකට අද ඡන්දය ඉල්ලන්න දීලා තිබෙනවා. ඒක එතකොට නිත්‍යනුකූලද?
‘තුසිත හල්ලොලුව කියන කතාව’
තවත් ඊට අදාළ හඬපටයක මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු වූ තුසිත හල්ලොලුව ඉහත හඬපට එළියට දමපු කෙනාට කියනවා, ‘මහින්ද දේශප්‍රිය අපට කොතරම් උදව් කළාද? එයාගේ උදව් නැත්නම් අපට අණ්ඩුව පිහිටුවන්න බැරි වෙනවා. ඇයි එයාට මේ විදියට ගහන්නේ?’  කියලා. මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන්ගෙන් සමන්විත කොමිෂන් සභා ස්වාධීනද? අද ‘රිෂාඞ් බදියුදීන්ව අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න’ කියා කියන සභාපති ඊළඟට කියාවි ‘රිෂාඞ් බදියුදීන්ගේ මල්ලි එළියට දාන්න. එයාට අයියා වෙනුවෙන් ඡන්දෙට වැඩ කරන්න තියෙනවා’ කියා. මේ විදියට පක්ෂග්‍රාහී කොමිෂන් සභා හදාගෙන, ස්වාධීන වෙස්මුහුණු දමාගෙන මේ රටේ නීතිය ක්‍රියාත්මක වීම වළක්වමින් තිබෙන්නේ. මේවා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන බහුතර ජනතාව විසින් දැඩිව ප්‍රතික්ෂේප කළ යුතුයි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img