Saturday, July 25, 2026
HomeNEWSමාලිමා මන්ත්‍රී අසිතට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් අභියෝගයක්

මාලිමා මන්ත්‍රී අසිතට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් අභියෝගයක්

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් ඊයේ (24) සිදු කළ අසත්‍ය සහ පදනම් රහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා නිතීඥ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කළේ, මෙය පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ජනතාව නොමග යැවීමට සිදු කරන උත්සහයක් බවය.

මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂ සහගත චේතනාවෙන් කරන ලද ඒවා බව නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.

තමන් වෙත එල්ල කරනු ලබන දේශපාලන ප්‍රහාර සාර්ථක නොවනු ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.

ලංකාවේ නීති ප්‍රජාව එකමුතුව සිටින අතර එහි ස්වාධීනත්වයට සහ අඛණ්ඩතාවයට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව ද ඔවුහු පෙන්වා දෙති.

වරප්‍රසාදවලට මුවාවී සිදු කරනු ලබන මෙම අසත්‍ය ප්‍රකාශය හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටත නැවත ප්‍රකාශ කරන ලෙසට නීතිඥ සංගමය, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාට අභියෝගයක් ද එල්ල කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි

විරෝධතාකරුවන් සමඟ 03 වන වටයේ සාක්ච්ඡාවලට පෙර, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි: ඉන්දීය මාධ්‍ය.

මාලිමා මන්ත්‍රී අසිතට දිනන දකුණෙනුත් අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභියෝගය හැකිනම් භාරගෙන පෙන්වන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහාශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාට...

විදෙස්ගත ශ්‍රමිකයන්ට ආයෝජන සඳහා මෙරට ඌණ උපයෝජිත ඉඩම්

විදෙස්ගත ශ්‍රමිකයන් නැවත පැමිණි පසු අනාගත අභිවෘද්ධිය උදෙසා වන ආයෝජන සඳහා මෙරට ඌණ උපයෝජිත ඉඩම් ලබා දීමට වැඩපිළිවෙළක් සකසන්න ශක්තිමත් වැවිලි ක්ෂේත්‍රයක් වෙනුවෙන් ආයතන ඒකාබද්ධ...

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පරාජයට

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද(24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද116කින් පරාජයට පත්විය. විශ්වාසභංග...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img