Friday, June 12, 2026
HomeNEWSමිදිගම ඝාතනයේ තවත් තොරතුරු එළියට

මිදිගම ඝාතනයේ තවත් තොරතුරු එළියට

වැලිගම, මිදිගම තුර්කි ගම්මානයේ නිවසකදී ඊයේ (20) සිදුකරන ලද වෙඩි තැබීමකින් 46 හැවිරිදි තිදරු පියෙක් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී තිබුණි.

වැලිගම මුලස්ථාන පොලීසිය සඳහන් කළේ,ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මිදිගම තුර්කි ගම්මානයේ පදිංචි ජයසේකර විතානගේ නිසංක කුමාර නැමති පුද්ගලයෙකු බවය.

වෙඩිවැදී මියගිය පුද්ගලයාට එරෙහිව මාතර අධිකරණයේ නඩුවක් විභාගවූ අතර ඔහු ඊයේ පෙරවරුවේ ඊට සහභාගී වී තිබුණි.

අනතුරුව ඔහු කිසියම් පුද්ගලයකු සමග පස්වරුවේදී යතුරුපැදියකින් නිවසට පැමිණ ඇත.

මෙම අවස්ථාවේදී ඔහු සමග පැමිණි බවට සැකකෙරෙන පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් හා නියෝග මත වැලිගම මුලස්ථාන පොලීසිය, මිදිගම පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විමර්ශන සිදුකරයි.

ඝාතනය වූ පුද්ගලයාගේ බිරිඳ සිද්ධිය සම්බන්ධයෙන් සඳහන් කළේ,

“අපි විවාහ උත්සවයකට කොළඹ යන්න හිටියේ. එක පාරටම වතුර මීටරේ කැඩුණා. ලොකු දුව තාත්තට කතා කරලා කිව්වා වතුර මීටරේ කැඩිලා ඒක හදන්න කියලා. ඒකට තමයි ඔය බූලා කියන කෙනාත් එක්ක ඇවිත් තිබුණේ. කියතක් ගේන්න කියලා ගෙට ගියාට පස්සේ එනකොට තමයි වෙඩි තියලා තිබ්බේ. දරුවන් 3දෙනයි මමයි අසරණ වුණා. මගේ මහත්තයා පාතාලයට සම්බන්ධ නෑ. කටින පිංකමේ කපපු නඩුව තිබුණේ. ඊයේ තමයි තීන්දුව දුන්නේ.”

ඝාතනය වූ පුද්ගලයාගේ මව,

“මගේ රටක් වටින පුතාට ගෙදරටම ඇවිත් වෙඩි තිබ්බා.. උගේ හිස හත්කඩකට යවන්න පුතේ. මට දීපු ගින්දර.. මේ ගින්න නිවෙන්න මං මැරෙන්න ඕනේ මගේ පුතේ. මට උහුලන්න බෑ..නාගයෙක් වෙයං මගේ පුතේ.. බොටුව කාපං..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img