Saturday, November 14, 2026
HomeNEWSLatest Newsමිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළේ නෑ - ජනතාවගෙන් චෝදනාවක්

මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළේ නෑ – ජනතාවගෙන් චෝදනාවක්

මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළේ නෑ – ජනතාවගෙන් චෝදනාවක්

රජය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු අඩු කළද එම මිල ගණන්වලට වෙළෙඳපොළේ භාණ්ඩ අලෙවි නොකරන තත්ත්වයක් අද (14) දක්නට ලැබුණු බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය. 

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (13) සඳහන් කළේ බදු ඉවත් කිරීමත් සමග ලොකු සැමන් ටින් එකක් රුපියල් 200කට, බී ළූණු කිලෝවක් රුපියල් 100කට සහ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 85කට ද ජනතාවට මිලට ගත හැකි බවය.

මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොස අලෙවිසැල්වලින් මිලදී ගන්නේ නම් පරිප්පු කිලෝවක් රුපියල් 150කට එහිදී මිලට ගත හැකි බව නිවේදනයේ සඳහන් විය.

එහෙත් ප්‍රදේශ කිහිපයක සතොස වෙළෙඳසැල්වල අඩු වූ මිල ගණන් යටතේ එම භාණ්ඩ නොතිබූ බවට ජනතාව චෝදනා කළහ. 

කෙසේවෙතත්, ලංකා සතොස සභාපතිවරයා පවසන්නේ හෙට සිට සියලු ශාඛාවලින් නව මිලට එම භාණ්ඩ මිලදීගත හැකි බවය. 

මේ අතර බී ළූණු සඳහා ආනයනික බදු ඉවත් කිරීමත් සමග පොළොන්නරුව, බකමුණ, බටුහේන සහ ජයසිරිපුර ළූණු ගොවීන් පවසන්නේ දේශීය බී ළූණු අලෙවි කරගත නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවය.

මේ අතර පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩි කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන් වුණි.

ඒ සමග ජනතාවට සතොස අලෙවිසැල්වලින් සාධාරණ මිලකට පොල් ලබා ගැනීමට හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේය. 

මේ අතර රට තුළ සහල් හිඟයක් මවා පෑමේ අරමුණින් වී තොග සඟවා සිටින්නන් සොයා අද (14) දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කෙරුණි.

ඒ, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික් කේන්ද්‍ර කර ගනිමිනි.

එහිදී තඹුත්තේගම ඉගිණිවැව ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක තිබී වී කිලෝ පනස් දහසක්ද සොයා ගැණුනු අතර අනුරාධපුර මීගලෑව හුරිගස්වැව ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවකින් නාඩු සහ සම්බා වී කිලෝ හැත්තෑ දහසකට වැඩි ප්‍රමාණයක් ද සොයාගැනුණි.

එම වී තොග වසරක් පුරා සඟවා තිබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය අනාවරණ කරගත් අතර ගබඩාවට මුද්‍රා තැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල්

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්‍රදානය කෙරේ. අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් වී වගාවන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img