Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsමීගමුව බෙනඩික් උසස් අධ්‍යාපන ආයතනයෙන් සේවාවන් රැසක් ඉටුවන බව නාගරිකසංවර්ධන හා නිවාස...

මීගමුව බෙනඩික් උසස් අධ්‍යාපන ආයතනයෙන් සේවාවන් රැසක් ඉටුවන බව නාගරිකසංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් කියයි.

මීගමුව බෙනඩික් උසස් අධ්‍යාපන ආයතනයෙන් සේවාවන් රැසක් ඉටුවන බව නාගරිකසංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් කියයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත අළුත්වැඩියා කරන ලද මීගමුව, මිනුවන්ගොඩ 16 වැනි බෙනඩික් උසස් අධ්‍යාපන ආයතනය තුළින් විශාල පිරිසකට අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමි වී තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2015 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට පැමිණීම නිමිති කොට ගෙන 2013 වර්ෂයේදී එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම උසස් අධ්‍යාපන ආයතනය (BCI Campus) අළුත්වැඩියා කිරීමට පියවර ගත් බව ද සිරිනිමල් පෙරේරා මහතා විසින් පෙන්වා දෙන ලදී.

මෙම ස්ථානය අළුත්වැඩියා කිරීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද කිරීමේ දිව්‍ය පූජාවක් සෑම වසරකම පැවැත්වෙන බවත් ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියේ පළමු සැමරුම වෙනුවෙන් පසුගිය දා එම ආශිර්වාද කිරීමේ පූජාව පැවැත්වූ බව ද අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේය.

“මේ ස්ථානය තනිකර ගොඩනැගුවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අදහස්, උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය මාර්ගයෙන්. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහයත් හිමිවුණා. බොහොම අමාරුවෙන් අපි ඒ දවස්වල වැඬේ කළේ. මොකද අවුරුද්ද අවසානයේ හින්දා අපිට මුදල් තිබුණෙනත් නෑ අමාත්‍යාංශයට. BCI ආයතනය මුදල් වියදම් කළා. ශ්‍රම දායකත්වය හා නිර්මාණ දායකත්වය රාජ්‍ය ආයතන විසින් ලබා දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩ ඉවර වෙලා ආරක්ෂක ලේකම් වශයෙන් මෙතට එනවා හැන්දෑවේ. අපි සමහර දවස්වලට මෙහි වැඩ ඉවර වෙනකොට රෑ 8 විතර වෙනවා. ඒ ඔක්කොම ලෑස්ති කළේ පාප් වහන්සේගේ පැමිණීමට. පාප් වහන්සේ ආවා 2015 ජනවාරි මාසේ. එතකොට අපි හිටියේ නෑ අපි ගිහිල්ලා ආණ්ඩුවෙන්. කෙසේ හෝ මෙය මේ තරම් ඉක්මනට නිමකරන පුළුවන් වුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව යි. මෙතන තියන බෙනඩික් කතෝලික ආයතනය මඟින් තමයි මෙතන ඉන්න පූජා ප්‍රසාදිවරු තමයි මේකට සම්බන්ධ වෙන්නේ. මොකද ඒ අය දන්නවා අපේ ජනාධිපතිතුමා කොයි තරම් මහන්සියක් වුණාද කියලා මේක හදලා දෙන්න. එතුමාට ස්තුති කිරීම මේ වගේ තැනක කරනකොට ඒකේ යම්කිසි අදහසක් තියෙනවා. ඇයි මෙතනම කරන්නේ කියලා සමහර අය අහනවා. ඇයි වෙන පල්ලියක කරන්න බැරි ද කියලා අහනවා. වෙන පල්ලියක කරන්න පුළුවන් අපිට. එතුමා හදලා දුන්න එක නිසා තමයි මෙතන කරන්නේ. මෙතනට ගස් ගෙනල්ලා, ගස් තෝරලා, ගස් හිටවලා පරිසරයත් සකස් කරලා මේ සියල්ලම කළේ ජනාධිපතිතුමා, එතුමා ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට.”

යනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේය.

කතෝලික සභාවට අයත් ගුරු අභ්‍යාස විද්‍යාලයක් ලෙස මෙය ආරම්භ වී තිබෙන්නේ 1948 වර්ෂයේදී. 2002 වර්ෂයේදී එය අත්හිටුවා ඇති අතර ඉන්පසු මෙහි 16 වැනි බෙනඩික් උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ කර තිබේ. දැනට සිසු සිසුවියන් 13,000 කට අධික සංඛ්‍යාවක් මෙම BCI Campus ආයතනය සමඟ සම්බන්ධිකරණ කටයුතු සිදු කරමින් අධ්‍යාපනය හදාරණ බව BCI ආයතනයේ අධ්‍යක්ෂ කුයින්ටස් ප්‍රනාන්දු පියතුමා සඳහන් කරයි.

2015 ජනවාරි 15 දින අතිඋතුම් ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙම ආයතනයට පැමිණි බව ද කුයින්ටස් ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළේ ය.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, හිටපු අගවිනිසුරු මොහාන් පීරීස්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්, අද්මිරාල් ජයනාත් කොළඹගේ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරු ඇතුළු පිරිසක් ද පසුගිය දා පැවති ආශිර්වාදමය දිව්‍ය පූජාවට සහභාගී වුහ.

අදාල ඡායාරූප ඊ මේල් කර ඇත.

ඉහත ප්‍රවෘත්ති නිවේදනය සඳහා ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img