Saturday, November 14, 2026
HomeNEWSLatest Newsමුස්ලිම් ජනතාවට අපේ රටේ මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නෑ -මුජිබර් රහුමාන්

මුස්ලිම් ජනතාවට අපේ රටේ මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නෑ -මුජිබර් රහුමාන්

මුස්ලිම් ජනතාවට අපේ රටේ මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නෑ -මුජිබර් රහුමාන්

පාස්කු ඉරුදින ප්‍රහාරය සහරාන් හෂීම් විසින් සිදුකර ඇත්තේ වෙනත් පාර්ශවයකගේ අවශ්‍යතාවයක් මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, අදාළ ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් පිළිබඳව නිසි තොරතුරු ලබාගැනීමට නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව කියන ‘සාරා‘ නමැති කාන්තාව මෙරටට ගෙන්වා ගත යුතු බවය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,“දැනට අපිට මරාගෙන මැරෙන කණ්ඩායමේ සිටි ‘සාරා‘ නැමති කාන්තාව ඉන්දියාවේ ඉන්නවා කියලා තොරතුරු පළ වෙලා තියෙනවා. ඒ නිසා වහාම අපිට සාරාව ඉන්දියාවෙන් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් නම් මේ පාස්කු ප්‍රහාරයේ සියලු දේවල් අපිට දැන ගන්න පුළුවන් වේවි කියන එක තමයි මම කොමිසමට කිව්වේ. මෙහෙම සංවිධානය වෙලා මේ වගේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් හයියක් කවුද මොවුන්ට ලබා දුන්නේ කියන එකයි අපිට තියෙන ගැටලුව. ඒ සියලු දේවල් හොයා ගන්න පුළුවන් ඉන්දියාවේ ඉන්න සාරාව ගෙනවා නම්.“ යනුවෙන් ද පැවසීය.

ප්‍රශ්නය – ඔබ තුමා සාක්ෂි දෙමින් කියනවා සහරාන්ගේ එල්ල කළ ප්‍රහාරය පිටුපස අදිසි හස්තයක් ඉන්නවා කියන කාරණය. මොකද්ද මේ හෙළිදරව්ව ?

“විශේෂයෙන්ම මේ රටේ ජීවත්වෙන මුස්ලිම් ජනතාවට මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නෑ. එහෙම උවමනාවකුත් නෑ. බෝම්බ අඟේ බැඳගෙන ගිහින් අහිංසක ජනතාව යාඥා කරන පල්ලිවලට ආගමික ස්ථානවලට ගිහින් පුපුරුවා ගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා සහරාන් මේක කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමෙයි. මේක කළේ කාගේ හරි උවමනාවක් වෙනුවෙන් ඉෂ්ට කළ දෙයක්.“ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img