Saturday, November 14, 2026
HomeNEWSLatest Newsලෝක හදවත් දිනය අදයි

ලෝක හදවත් දිනය අදයි

ලෝක හදවත් දිනය අදයි

ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ.

“හෘද රෝග පරාජය කිරීම සඳහා හදවත භාවිත කරන්න“ යන්න මෙවර ලෝක හදවත් දිනයේ තේමාව වේ.

ලෝක හදවත් දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලී මහත්මිය සඳහන් කළාය.

“අපේ රටේ තුනෙන් එකක් මරණවලට හේතුව හෘද රෝග. ඊට අමතරව අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා. නමුත් ඔවුන්ගෙන් පහෙන් එකක් පමණ තමන්ට අධි රුධිර පීඩනය තිබෙනවා කියලා දැනුවත් බවක් නැහැ.  ඒ නිසා  ලෝක හදවත් දිනය සැමරීම සඳහා ජනතාවගේ රුධිර පීඩනය මැන බැලීමට ජනතාව එකතුවන තැන්වල දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළවල්, රජයේ රෝහල් ආදී ස්ථානවල මෙම සතිය පුරාවටම අපි විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා. හදවත් රෝගවලට හේතු හතරක් තියෙනවා. ඒ දුම්පානය, මත්පැන් භාවිතය, අයහපත් ආහාර රටාවන් සහ ශාරීරිකව ක්‍රියාශීලි නොවීම ප්‍රධාන හේතුවයි.“ යනුවෙන් වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලී මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img