Saturday, September 12, 2026
HomeNEWSLatest Newsමෙරට දේශීය කර්මාන්තකරුවාට අභිමානවත් පුද්ගලයෙකු ලෙස බැංකුවක් වෙත ගොස් ගනුදෙනු කළ හැකි...

මෙරට දේශීය කර්මාන්තකරුවාට අභිමානවත් පුද්ගලයෙකු ලෙස බැංකුවක් වෙත ගොස් ගනුදෙනු කළ හැකි වාතාවරණයක් හදනවා

මෙරට දේශීය කර්මාන්තකරුවාට අභිමානවත් පුද්ගලයෙකු ලෙස බැංකුවක් වෙත ගොස් ගනුදෙනු කළ හැකි වාතාවරණයක් හදනවා

මෙරට දේශීය කර්මාන්තකරුවාට අභිමානවත් පුද්ගලයෙකු ලෙස බැංකුවක් වෙත ගොස් ගනුදෙනු කළ හැකි වාතාවරණයක් හදනවා
– ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල සභාපති කියයි
බරපතළ ඇප කොන්දේසි සහ අධික පොලී අනුපාත නිසා බැංකු වෙතින් ඈත් වී සිටින මෙරට දේශීය කර්මාන්තකරුවා බැංකු වෙත ගොස් ගනුදෙනු කළ අභිමානවත් පුද්ගලයකු බවට පත් කිරීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත කටයුතු කරමින් සිටින බව එහි සභාපති උපසේන දිසානායක මහතා පවසයි.ඒ මහතා, අද (22) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවක දී එසේ පැවසීය. 
මහජන බැංකුව සමඟ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මේ වන විටත් අවබෝධතා ගිවිසුමකට එළඹ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන වැඩසටහනක් අරඹා ඇති බව ද සභාපතිවරයා මෙහි දී සඳහන් කළේය. එමඟින් වර්ෂයක් තුළ තෝරාගත් ව්‍යවසායකයන් 5000ක් සඳහා ඔවුන්ගේ ධාරිතා වර්ධනයට සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය පහසුකම් ලබා දීමට සහ ඔවුන්ගේ කර්මාන්ත, සැලසුමකට අනුව ශක්තිමත්ව පවත්වාගෙන යාමට හැකි වන ලෙස අනුග්‍රාහක ආයතන හා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද උපසේන දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
එසේම ලෝහමය අමුද්‍රව්‍ය ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නඟා සිටුවීම සඳහා පවත්නා ලෝහමය අබලි අමුද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහන ප්‍රතිසංවිධානය කිරීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇති බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ යටතේ රජයේ හා පෞද්ගලික ආයතනවලින් තරගකාරී මිලට ලෝහමය අබලි අමුද්‍රව්‍ය ලබාගෙන ඒවා නිසි අධීක්ෂණය යටතේ ආරක්ෂිතව ගබඩා කර කර්මාන්ත ධාරිතාව අනුව වසර ආරම්භයේ පූර්ව පරීක්ෂාවකින් පසුව ලියාපදිංචි කර්මාන්තකරුවන් සඳහා ක්‍රමානුකූලව බෙදා හැරීමට සහ මෙමඟින් නිෂ්පාදන විවිධාංගීකරණයන් සිදුකොට වසරකට ඍජු හා වක්‍ර රැකියා 400ක් පමණ බිහි කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිරදුටත් පෙන්වා දුන්නේය.
ලෝහමය අබලි අමුද්‍රව්‍ය වක්‍රාකාරයෙන් විදෙස් රටවලට අපනයනය කිරීම වැළැක්වීමට පියවර ගන්නා බව ද මෙහි දී සභාපතිවරයා අවධාරණය කළේය. රේගු වාර්තාවලට අනුව තඹ, පිත්තල වැනි අබලි ලෝහමය අමුද්‍රව්‍ය කොටස් ව්‍යාජ ලෙස සුළු නිෂ්පාදන ක්‍රියාවලියකට භාජනය කර විදෙස් රටවලට යැවීම බහුල වශයෙන් සිදුකරන බවත් මෙය වැලැක්වීම සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. 
මෙම මාධ්‍ය හමුවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වන ආලෝක වාහලවත්ත සහ බුද්ධික විමලසිරි යන මහත්වරු ද එක්ව සිටිහය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img