Thursday, July 16, 2026
HomeNEWSමේ අයවැය රනිල්ගේම අයවැයේ දිගුවක් බව වජිර පෙන්වා දෙයි.

මේ අයවැය රනිල්ගේම අයවැයේ දිගුවක් බව වජිර පෙන්වා දෙයි.

2025.02.17මාලිමා රජය ඉදිරිපත් කරලා තිබෙන යෝජනා හුඟක් ඒවා 2023, 2024 වර්ෂවල රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් කරපු පරන අයවැය වල තිබුණ ඒවාමයි. අස්වැසුම ගන්න ඒ යෝජනාව පරන යෝජනාවමයි. මාලිමා රජයේ අලුත් යෝජනා වලට තිබෙන්නේ ක්ලීන් ශ්‍රී ලංකා විතරයි, ඒකෙ මිලියන 5000 ක් පමණ වෙන් කරලා තිබෙනවා. ඊළඟට මූලික වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුව තමයි මේ අය වැය ඉදිරිපත් කරලා තිබෙන්නෙ. එතකොට ඒ අනුව බැලුවම රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කරපු අය වැය වලම දිගුවක් පමණය තිබෙන්නෙ. වෙන අලුත් දෙයක් නැත.උදාහරණයක් ලෙස ගත්තම අපි අස්වැසුමට මිලියන 189 ක් දාලා තිබෙනවා, එයාලා 232 ක් දාලා තිබෙනවා. පොඩි ගානක් වැඩි කරලා තිබෙනවා. අලුත් වැඩසටහනක් නැහැ එතන.උදාහරණයක් විදියට මහපොළ පොඩි ගානක් වැඩි කරලා. කොහොමත් මහපොළ වරින් වර විවිධ ආණ්ඩු වලින් වැඩි කරලා තිබෙනවා. මාලිමා රජයත් කීයක් හරි දැම්මා. ඒකයි වුනේ.ඊළඟට ළදරු පාසල්වලට අපේ ආණ්ඩු කාලයෙත් අපි වැඩි කළා. මාලිමා රජයත් රුපියල් 1000 ක් විතර වැඩි කරලා තිබෙනවා ගුරුවරයෙකුට.තව එකක් වකුගඩු රෝගීන්ට අපිත් ගානක් වැඩි කළා. මාලිමා රජයත් ගානක් වැඩි කළා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් කළ අය වැයෙහි දිගුවක් මේක.හැබැයි එකක් තියෙනවා. රැකියා වලට බඳවා ගැනීමේ දී එයාලා පැහැදිළිව කිව්වා එක එක්කෙනාගේ ලැයිස්තු වලට ගන්නෙ නෑ, පාරද්‍රශ්‍ය ක්‍රමයකට බඳවා ගන්නවා කියලා. ඒක හොඳ යෝජනාවක් සමාජයේ මොකද අවුරුදු 30 ක් විතර කතා වුන කථාවක්. මොකද පත්වීමක් ගන්න නම් දේශපාලනඥයෙකු ළඟ වැඩ කරලා එහෙමනේ කරන්නෙ. පොදුවේ අර දේශපාලනයට සම්බන්ධ නැති අයට ඕක ඉතින් හොඳ වෙන්න පුලුවන්. 8000 ක් පමණ බඳවා ගන්නවා කිව්වා.ඊළඟට ආදායම් යෝජනා වශයෙන් තියෙන්නෙ එක යෝජනාවයි. වාහන ගෙන්වා දෙන යෝජනාව පමණයි. තීරු බදු යෝජනාව පමණයි. වෙන කිසිම ලොකු ආදායමක් එන යෝජනාවක් නොමැත.මාලිමා රජය එක දෙයක් පිළිගත්තා 2024 වර්ෂයේ දී රටේ සමස්ත ආදායම හොඳ මට්ටමකට ආවා කියන එක. මාලිමා රජයට අයිති නෑ 2024, එය අයිති රනිල් වික්‍රමසිංහ මහත්තයට. ආපු ගමන්ම කිව්වෙන් බාර් ලයිෂන් ගැන, සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තාගත ආදායම තිබෙන්නෙත් 2024, රේගුවෙත් වාර්තාගත ආදායම් තිබෙන්නේ 2024 වර්ෂයේ. එහි සම්පූර්ණ අගය කිරීම රනිල් වික්‍රමසිංහ මහතා සතුයි.සමාජයේ මතු වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්න ගැන මාලිමා රජය කතා කළේ නෑ. එකක් තමයි හාල් ප්‍රශ්නය. දෙවෙනි එක පොල්. මේ සඳහා කඩිනම් විසඳුමක් සඳහන් කළේ නෑ. හාල්‍, පොල් සහ ලුණු ගෙදරක මුළුතැන්ගෙයි තිබෙන ප්‍රධාන අවශ්‍යතා, වේල් 3 ටම ඕන, මග හරින්න බෑ. දොඩන් ගෙඩියක මිළ වැඩි වුනාට, කැරට් මිළ වැඩි වුනාට අපිට අතාරින්න පුලුවන්. නමුත් මේවා එහෙම බෑ. හාල්, පොල් සහ ලුණු ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර වෙන ලකුණු තමයි තිබෙන්නෙ. හාල් සහ පොල් දැන් රු. 300 ට ඉතාම ආසන්නයි. ඒ ප්‍රශන්යට උත්තරයක් නැහැ මාලිමා රජයට. ඔවුන් කිව්වෙ ගබඩා සුද්ද කළා, වී ගන්න ලැහැස්ති වෙලා ඉන්නවා. ගොවියන්ට බනිනවා, මෝල් හිමියන්ට බනිනවා. කඩ හිමියන් අල්ලනවා, හැමදාම නඩු දානවා. මේවා තමයි එයාලගේ පිළිතුර. ඉතින් මේ ගැටලු අමතක කරලා ඉදිරියට යන්න විදියක් නැහැ. ඔවුනට වෙනත් යමක් කරන්නත් බැහැ, මොකද ඉන්නෙ ජාත්‍යන්තර මූල්‍ය වැඩසටහන තුළ නිසා. දැන් බලන්න අදානි ගියානේ. අදානි ගියාම ලොකු සංඥාවක් යනවා ආයෝජකයන්ට. එතකොට මාලිමා රජය කිව්වට ආයෝජන ගේනවා කියලා. අදානි ගියපු එක රොයිටර් වාර්තා වල එහෙම පල වුනාම ලෝකයේ වෙනත් ආයෝජකයන් එන්නෙ නෑ. දැන් ගෙදර ඔක්කොම පිරිසිදුව තියන් ඉන්නවා, හැබැයි මම පොල්ලක් තියාගෙන දාමරිකයෙක් වගේ හැසිරෙනවා නම් අපේ ගෙදරට කවුරුවත් එන්නෙ නෑනෙ. ඉතින් ඒ වගේ හැසිරීමක් තමයි මාලිමා රජයේ තිබෙන්නෙ. හැම දේටම පාලනය කරනවා, නීති දානවා, ජරමර කරනවා, එහෙම තැන් වලට එන්නෙ නෑ කවුරුවත්. විමර්ෂන කරනවලු, පොලීසි යනවලු, එහෙම කරද්දි කවුද එන්නෙ. නීති තියෙන්න ඕන, ඕනෑවට වඩා ජරමර කරන්න හොඳ නෑ. අනිත් එක මේකෙන් පේන්නෙ අලුතින් යෝජනාවක් ගේන්න ලොකු දැනුමක් නැති බව තමයි මාලිමා රජයට. වැඩසටහනක් තිබෙන බව පෙනෙන්නෙ නෑ. පොතේ තියෙන ඒවා ගත්ත නම් අලුත් ඒවා හදන්න පුලුවන්නෙ. තියෙන එකමනේ දාලා තියෙන්නෙ. ලොකුම ප්‍රශ්නය ආදායම් යෝජනාවකුත් නැහැ. තව දෙයක් තමයි උතුරු නැගෙනහිර පළාත් වල සරණගතයන් වශයෙන් හිටපු අයට ගෙවල් දොරවල් හදලා දෙන එක වතුර දෙන එක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉඳලා දිගටම හැම ආණ්ඩුම කළා. අපි ණයත් කපලා දැම්මා ඔවුන්ගෙ. කොච්චර දේවල් කළාද. සරණාගතයන් කියන්නෙ දෙමළ අය පමණක් නොවේ, සිංහල සහ මුස්ලිම් අයත් ඉන්නවා. ඒ මිනිස්සු ගැනත් කතා කරන්න ඕනනේ. සාමානාත්මතාවයක් තිබෙන්න ඕන. මිනිස්සු කතා කරන්න ගනියි දැන් අය වැයෙන් පස්සෙ.ඉතින් සමස්තයක් වශයෙන් ගත්තම අය වැය ගැන ලොකු දෙයක් කියන්න නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් කළ අය වැයෙහි දිගුවක් මේක. රනිල් වික්‍රමසිංහ කියලා නම ලියපු අය වැය පොතේ පිට කවරයේ නම වෙනස් කරලා තිබෙනවා වෙන කෙනෙකුගේ නමට.-වජිර-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img