මේ වනවිට රට හමුවේ ඉදිරිපත්ව ඇති 20 වන ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව සමාජය තුලින් මතුවන විවිධ සංවාද පිළිබඳව තමන්
වහන්සේලා අවධානය යොමු කරන බව ප්‍රකාශ කරන අතිපූජනීය මහානායක ස්වාමින්වහන්සේලා ඒ
පිළිබඳව වෙන් වෙන්ව ස්වකීය නිකායික කාරක සංඝ සභාවන් තුලදී මෙන්ම අනතුරුව
තෛයිනිකායික වශයෙන් සාකච්ඡා කර තම අදහස් හා යෝජනා රටට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන
බව ප්‍රකාශ කලහ.
උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කර සිටියේ සාධාරණ
සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ප්‍රමුඛ විශේෂ
නියෝජිත පිරිසක් උන්වහන්සේලා හමුවී සාකච්ජා කල අවස්ථාවේදීය. පසුගිය 30 වනදා (බදාදා)
මහනුවරදී මෙම සාකච්ජාවන් සිදුවූ අතර එහිදී අදාල නියෝජිත පිරිස මල්වතු හා අස්ගිරි
මහානායක ස්වාමීන් වහන්සේලා සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ් නිකායේ මහනායක ස්වාමීන්වහන්සේද
ඇතුළු අනුනායක ස්වාමීන් වහන්සේලා කිහිප නමක් සමඟම සාකච්ජා පවත්වා තිබේ.
එහිදී දේශබන්දු කරු ජයසූරිය මහතා ප්‍රමුඛ නියෝජිත
පිරිස ස්‍යාමෝපාලී වංශික මහානිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය
තිබ්බටුවාවේ ශ්‍රී සුමංගලාභිධාන මාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී
ඥානරතනභිධාන මාහිමිපාණන් වහන්සේ මෙන්ම
ශ්‍රී ලංකා රාමඤ්ඤ් නිකායේ මහා
නායක අති පූජ්‍ය නාපානේ ශ්‍රී පේමසිරි මාහිමිපාණන් වහන්සේ ද මල්වතු පාර්ශවයේ
අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි මාහිමිපාණන් වහන්සේ හා අස්ගිරි පාර්ශවයේ
ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමීන්වහන්සේ බැහැදැක තිබේ. එයට අමතරව ශ්‍රී ලංකා රාමඥ්ඥ් මහානිකායේ අතිපූජ්‍ය මහානායක
ස්වාමීන්වහන්සේ සමඟ සිදුකල සාකච්ජාවට එම නිකායේ අනුනායක අතිපූජ්‍ය දිවෙල මහින්ද
මාහිමිපාණන් වහන්සේ, අධිකරණ නායක අතිපූජ්‍ය අත්තංගනේ රතනපාල මාහිමිපාණන් වහන්සේ
මෙන්ම ප්‍රධාන ලේඛකාධිකාරි අත්තංගනේ සාසනරතන මාහිමිපාණන් වහන්සේද සහභාගී වී සිටිය
හ.
යෝජිත 20 වන සංශෝධනය මේ වනවිට
කෙටුම් පත් වී ඇති ආකාරයෙන්ම බලාත්මක වුවහොත් එමඟින් රටට ඇතිවිය හැකි අහිතකර
තත්වයන් පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නියෝජිත පිරිස එහිදී
අතිපූජ්‍ය මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවේ කරුණු දැක්වූ අතර 20 වන
සංශෝධනයට අදාලව මේ රටේ ප්‍රමුඛ විද්වත් කමිටුවක් විසින් සම්පාදිත වාර්තාවක්ද සාධාරණ
සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ නියෝජිත
පිරිසට මහාචාර්ය රොහාන් සමරජීව, සුනිල් ජයසේකර, පාලිත ලිහිණියකුමාර සහ හරේන්ද්‍ර
දසනායක යන මහත්වරුන් ඇතුලත් විය.






















