Friday, April 17, 2026
HomeNEWSLatest Newsඑක් රටකට පමණක් සිය රට විවෘත කළ ඔස්ට්‍රේලියාව

එක් රටකට පමණක් සිය රට විවෘත කළ ඔස්ට්‍රේලියාව

එක් රටකට පමණක් සිය රට විවෘත කළ ඔස්ට්‍රේලියාව

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයෙන් පසු පළමුවරට නවසිලන්ත ජාතිකයින් සඳහා පමණක් සිය සංචාරක තහනම ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 16 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නවසීලන්ත ජාතිකයින්ට නිරෝධායන කොන්දේසිවලට යටත්වීමකින් තොරව නවසීලන්තයේ සිට ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැමිණීමේ හැකියාව පවතින බව ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කරයි.

වසංගත තත්ත්වයේ අවදානම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සිය දේශසීමා වසා තැබීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගත්තේය.

අවදානම පහව යාමත් සමග දේශ සිමා විවෘත කිරීමේ පළමු පියවර ලෙස මෙලෙස නවසීලන්ත ජාතිකයින් සඳහා පමණක් සංචාරක කලාපයක් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගත් බව උප අග්‍රාමාත්‍ය මයිකල් මැක්කෝමැක් පැවසීය.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට නවසීලන්තයේ සංචාරය කළ හැකි දින වකවානු තීරණය කිරීම නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් විසින් සිදුකරනු ඇති බව ඔස්ට්‍රේලියානු උප අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටි.

ඔස්ට්‍රේලියාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27,109ක් වන අතර නවසීලන්තයේ එම සංඛ්‍යාව දැක්වෙන්නේ 1,848ක් ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img