Friday, April 17, 2026
HomeNEWSමොරිසන් ඹෟෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යතුමා අතින් විවෘත වෙයි

මොරිසන් ඹෟෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යතුමා අතින් විවෘත වෙයි

මොරිසන් ඹෟෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යතුමා අතින් විවෘත වෙයි

හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC) කලාපයේ ස්ථාපිත කළමොරිසන් ඹෟෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.10.02 දින එක්විය.

වසර තුනකට පෙර ඉදි කිරීම් ආරම්භ කළ මෙම ආයතනයේ වැඩ අවසන් කිරීම සඳහා වැය කළ මුදල අමෙරිකන් ඩොලර් මිලියන 13.8 කි. 

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඹෟෂධ පෙති බිලියන 1.8 ක් ආනයනය කරන අතර මෙම ඹෟෂධ නිෂ්පාදන මධ්‍යස්ථානය මඟින් ඉදිරියේදී එම දේශීය අවශ්‍යතාවයෙන් කොටසක් සපුරාලීමට නියමිතය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමඟාමීව දේශීය ඹෟෂධ නිෂ්පාදනය ඉහළ දැමීමේ හා දිරි ගැන්වීමේ අරමුණින් ආරම්භ කෙරෙන මෙම මධ්‍යස්ථානය ඔස්සේ ඉදිරියේදී  විදේශීය ඇණවුම් සඳහා  ඹෟෂධ නිෂ්පාදනය ද සිදු වේ.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, විමල් වීරවංශ, ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, හේමාස් සමූහ ව්‍යාපාරයේ සභාපති හුසේන් යුසුක් අලි, මොරිසන් පී.එල්.සී. ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ මුරතාසා යුසුක් අලි මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img