ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් සෙවීම සඳහා අද (06) නාරාහේන්පිට අභයාරාම විහාස්ථානයේදී සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වුණි.
ඊට එක්වූ දේශපාලන පක්ෂ නායකයින් සඳහන් කරන්නේ ගුරු විදුහල්පති වෘත්තිය සංගම් මෙන්ම රජයද මධ්‍යස්ථ තැනකට පැමිණ මෙම ගැටලුව විසඳා ගත යුතු බවය.
ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව සහ නූතන අධ්‍යාපන අර්බුදය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවේදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ.
ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කථානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් ඇතුළු දේශපාලන පක්ෂ සාමාජිකයින් පිරිසක් එක්විය.






















