Tuesday, November 10, 2026
HomeNEWSමෝස්තරයට විකල්ප තෝරන්න එපා. පොහොට්ටුවේ අත්දැකිම මතක තියාගන්න. විපක්ෂ නායක සජිත් පවසයි.

මෝස්තරයට විකල්ප තෝරන්න එපා. පොහොට්ටුවේ අත්දැකිම මතක තියාගන්න. විපක්ෂ නායක සජිත් පවසයි.

මෝස්තරයට විකල්ප තේරීමට ගොස් පොහොට්ටුවට බලය දී අත්කරගත් ඉරණම පාඩමකට ගන්නා ලෙසත්, හුදෙක් කතාවට රට පාලනය කළ නොහැකි බව දැන් ජනතාවට ඒත්තු ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට පත්ව ඇත්තේ බරපතළ තත්ත්වයකට බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ රට ගොඩනැඟීමට සුන්දර වචනවලින් නොහැකි බව පැවසූ අතර බලය ලැබුණු පසු වැඩ කරන පිලිවෙල බලය නැතිව තිබියදීත් සමගි ජන බලවේගය ඔප්පු කොට ඇතැයි ද පැවැසීය.

පිලියන්දල, බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අත්‍යවශ්‍යව පැවැති ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා අද (19) මේ බව පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව “සමගි ජන බලවේගයේ හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක වේ.

ජීවිතය ප්‍රාර්ථනා කරමින් රෝහලට පැමිණෙන ගිලන් ජනතාවට අවශ්‍ය වන්නාවූ කටයුතු උදෙසාත්, ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු පිණිසත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා,  දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන රට පුරා යාත්මක ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img