යහපාලන ආණ්ඩුවේ හොරු එකතු කරගෙන මහින්ද අලුත් ආණ්ඩුවක් හදන්න යනවා.
පසුගිය යහපාලන ආණ්ඩුවේ හොරු ටික වට කරගෙන මහින්ද රාජපක්ෂ මහතා දැන් අලුත් ආණ්ඩුව හදන්න කතා කරන බවත් දවසින් දවස ඉහළ දමන බඩු මිල ජනතාවට දරා ගැනීමට නොහැකි වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව පැවසුවේ තිස්සමහාරාමයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි. රාජපක්ෂ පවුලේ බලය රැකගැනීමේ සටනක යෙදී සිටින මහින්ද තුනෙන් දෙකේ බලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ඉල්ලන්නේ රටට ජනතාවට වැඩ කරන්න ද නැහැ මේ ඉල්ලන්නේ ඔවුන්ගේ පවුල් බලය පන්තියත් රැකගන්න මේ අය දැන් කියනවා අලුත් ආණ්ඩුවක් හදන්න ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඕන කියලා පරණ ආණ්ඩුවේ හොරු දාහතර දෙනෙක් දැනටමත් පොහොට්ටුවට එකතු වී සිටින බවද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.






















