කොළඹ 19 විමල් කියා ඡායාරූපයක් සහිත මුද්දරයක්.
කොළඹ 19 විමල් කියා විමල් වීරවංශ මහතාගේ ඡායාරූපයක් සහිතව නිකුත් කළ මුද්දරයක් මගින් කොළඹ දිස්ත්‍රික්කයට නීති විරෝධී ලෙස ලිපි තැප කර ඇති බව පවසමින් කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබේ. ව්‍යාජ මුද්දර සකස් කිරීමේ වරද යටතේ විමල් විරවංශ මහතා අත් අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසද මුජබර් රහුමාන් මහතා සිය පැමිණිල්ලෙන් ඉල්ලීමක් කර ඇත.






















