ජනතාව රජ කරවන රජයක් අගෝස්තු පස් වැනිදා පිහිටුවන බව සජිත් කියයි.
මේ රටේ සැබෑ ජනතාව රජකරවන රජයක් සමගි ජන බලවේගය අගෝස්තු 05 වැනිදා පිහිටුවන බව හිටපු විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව පැවසුවේ බලංගොඩ ඉඹුල්පේ ප්‍රදේශයේ දී පැවති ජන හමුවකට සහභාගී වෙමිනි. මුසාව මුල්කරගත් වංචාකාරී ආණ්ඩුවේ දේශපාලනය නැත්තට නැති කර අගෝස්තු පස් වැනිදා ජනතාව රජ කරවන රජයක් සමගි ජන බලවේගය පිහිටුවන බව ද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.






















