යහපාලන රජය රණවිරුවන් රැකීම වෙනුවට එන්.ජී.ඕ රකින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා..
වසර 30ක් යුද්ධ කරමින්, සාකච්ඡා කරමින්, නැවත ප්රහාරයන්ට ලක්වෙමින් ගත කළ යුගය අපි අවසන් කළා..
යුද්ධය අවසන් කිරීම නිසා සිදු වූයේ දෙමළ ජනතාව බේරා ගැනීමයි..
– ශ්‍රී.පො.පෙ.නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
යහපාලන රජය රණවිරුවන් රැකීම වෙනුවට එන්.ජී.ඕ රකින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (2020.07.27) පස්වරුවේ කුරුණෑගල කුලියාපිටිය ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වසර 30ක් යුද්ධ කරමින්, සාකච්ඡා කරමින්, නැවත ප්රහාරයන්ට ලක්වෙමින් ගත කළ යුගය අවසන් කිරීමට තම රජය සමත් වූ බවයි.
එදා යුද්ධය මෙහෙය වූයේ දෙමළ ජාතියට විරුද්ධ ව බවට ඇතැමුන් පෙන්වීමට උත්සාහ කළ ද යුද්ධය අවසන් කිරීම නිසා සිදු වූයේ දෙමළ ජනතාව බේරා ගැනීම පමණකි.
හයක් හතරක් නොදන්නා දරුවා අතට ආයුධයක් ලබාදී කරට සයිනයිට් කරලක් එල්ලා තිබූ යුගය අවසන් කොට සිංහල, දෙමළ, මුස්ලිම් භේදයෙන් තොරව සියලු දරුවන්ට හොඳ අනාගතයක් ලබා දීමට හැකි වූ බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එවැනි වැඩපිළිවෙළකට එරෙහිව ජාත්‍යන්තරය ගෙන ගිය කුමන්ත්රණකාරී ක්‍රියාදාමයට පසුගිය එජාප රජය සහය දුන් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා tවැනි රජයක් නැවත ඇති කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ජනතාව සිතා බැලිය යුතු බව ද අවධාරණය කළේය.






















