Tuesday, September 15, 2026
HomeNEWSLatest News‘සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් තැනීම අපේ ඉලක්කයයි. එය බිහි කරන්නට අනිවාර්යෙන්ම සමගි...

‘සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් තැනීම අපේ ඉලක්කයයි. එය බිහි කරන්නට අනිවාර්යෙන්ම සමගි ජන බලවේගය කැප වෙනවා’.

‘සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් තැනීම අපේ ඉලක්කයයි. එය බිහි කරන්නට අනිවාර්යෙන්ම සමගි ජන බලවේගය කැප වෙනවා’.

සජිත් ප්‍රේමදාස මැතිතුමා රත්මලානේ දී කියයි.

රත්මලාන මැතිවරණ කොට්ඨාශයේ ප්‍රධාන සංවිධායිකාව වන ගරු. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියනි, එසේම එතුමියට දැවැන්ත ශක්තියක් වන ගරු නාගරික මන්ත්‍රීවරුන් සහ අප හිතවත් සංවිධායකවරුන් ඇතුළු අපේ ආදරණීය රත්මලාන මැතිවරණ කොට්ඨාශයේ මව්වරුනි, පියවරුණි, සහෝදර සහෝදරියනි, මහ මැතිවරණ ව්‍යාපාරයේ කොළඹ දිස්ත්‍රික්කයේ ආසන මට්ටමින් මහා ජනරැළි මාලාව ක්‍රියාත්මක කිරීම රත්මලාන මැතිවරණ කොට්ඨාශයෙන් ආරම්භ කිරීම ගැන මම විශේෂයෙන්ම සතුටු වනවා. විශේෂයෙන්ම ඔබතුමන්ලාගේ මැතිවරණ කොට්ඨාශයට නායකත්වය ලබා දෙන අපේ කාන්තා නායිකාව කොළඹ දිස්ත්‍රික්කයේ එකම කාන්තා නියෝජනය සහ නියත පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය මෙවර නියත ජයක් ලබනවා නොවනුමාන’යි යන්න මා මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ආරම්භයේදීම එතුමියගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නැයි කියා මා ඔබ තමුන්නාන්සේලාගෙන් මෙහිදී ඉල්ලා සිටිනවා.
හිතාදර මිත්‍රවරුණි, සමගි ජන බලවේගයේ අපි අද සූදානම් අපේ රටට නායකත්වය ලබා දෙන්න. අප සූදානම් ගරා වැටන දේශයට කඩා වැටෙන ආර්ථිකයට නව පණක් ලබා දෙන්න. අප සතුව ජනතාවාදී දර්ශනයක් ජන හිතකාමී වැඩ පිළිවෙලක් තිබෙනවා. සියලුම යෝජනා මහ පොළොවේ පැළ කළ හැකි දක්ෂ නිපුනත්වයක් තිබෙන කණ්ඩායමක්. මිත්‍රවරුණි අපේ දර්ශනය ඒකීය ස්වෛරීය ශ්‍රී ලංකාවක් තුළ සෞභාග්‍ය සම්පන්න මාතෘ භූමියක් බිහි කිරීමයි. ජාතික ආර්ක්ෂාවට මුල් තැන ලබා දෙමින් අපේ ආර්ථිකය තුළ සමබර ආර්ථික දියුණුවක් උදා කර ආර්ථික වර්ධනයේ ප්‍රථිලාභ සෑම ජන කොට්ඨාශයකටම එනම් ජාති කුල මල පන්ති පක්ෂ භේදයකින් තොරව ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා.
මෙම රත්මලාන වැනි වැදගත් මැතිවරණ කොට්ඨාශ නියෝජනය කරපු ලලිත් මැතිවරණ ශ්‍රීමතාතත් අපට කිසිදා අමතක කළ නොහැකියි. එතුමාගේ දර්ශනය අදටත් වලංගුයි. එතුමාගේ ගමන නිර්මලයි. ඇතුලත්මුදලි මැතිතුමාගේ ඒ පිවිතුරු දර්ශනයේ ගුණාංගයන් රැසක් අද සමගි ජන බලවේගය අනුගමනය කරමින් ඒ වැදගත් දර්ශනය ඉදිරියට ගෙන යාමට අප සැදී පැහැදී සිටින බවත් මා මෙහිදී ආදාරයෙන් සහ සතුටෙන් ප්‍රකාශ කරන්නට කැමතියි.
හිතාදර මිත්‍රවරුණි, අපේ දර්ශනය තුළ අපේ මුල්ම අරමුණ වන්නේ ජීවන වියදම අඩු කිරීම, බඩු මිළ අඩු කිරීම, ජීවන බරින් තෙරපුණු ජීවන බරින් මිරිකුණු අද අපේ රටේ ජන කොට්ඨාශය ඉමහත් පීඩනයකට අසහනයකට ලක් වී සිටිනවා. අපේ ආර්ථිකය අප ගොඩ නැගිය යුතුයි. අපේ ආර්ථිකය ගොඩ නැගෙනකම් මසකට රුපියල් 20000.00 ක දීමනාවක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරවීමට අප සැදී පැහැදී සිටිනවා. එපමණක් කොවෙයි, ජනතාවගේ අතට ලබා දෙන මුදල තවදුරටත් තර කරන්නට අප ආණ්ඩුව පිහිටුවා පළමුවන පැය විසි හතර තුළ රටේ තෙල් මිළ අඩු කරන්නට අනිවාර්යෙන්ම අඩු කරන බව මේ අවස්ථාවේදී කියන්නට කැමතියි. විසි දහසක මුදල ලබාදීමත් තෙල් මිළ අඩු කිරීමත් ආර්ථික විද්‍යාත්මක පසුබිමක් තුළයි අප ක්‍රියාත්මක කරන්නෙ. මේ වැඩසටහන් දෙකින්ම ජනතාවගේ අතට මුදල් ලැබෙනව. ඒ ලැබෙන මුදල් ජනතාව ආයෝජනය, පාරිභෝජනය සහ ඉතිරි කිරීම් සිදු කරනව. ඒ කරන විට ගරා වැටුණු ආර්ථිකය ඉබේටම ඉහළට යනව. මේ ආකාරයෙන් තමයි ලෝක ආර්ථික අවපාතය 1920 – 1930 ගණන්වල සිදු වන විට එවකට නායකයින් අනුගමනය කළ ක්‍රියා කලාපය.
මිත්‍රවරුණි, රටක් පාලනය කිරීමේදී යථාර්තවාදී දර්ශනයක් තිබිය යුතුයි. සැබෑ ශක්තිමත් නායකත්වයක් තිබිය යුතුයි. ඒ දර්ශනය අකුරට සහ ප්‍රතිපත්තිගරුකව ක්‍රියාත්මක කිරීමට දේශපාලන ශකිතිය තිබිය යුතුයි. විශ්වාස කරන්න… දුරකතනය දිනවන්න… සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවන්න… මේ රටේ දේශපාලන ඉතිහාසය ආර්ථික වර්ධනයේ ස්වර්ණමය යුගය අපේ මාතෘ භූමියේ සෞභාග්‍යයේ වෙනුවෙන් ඇප-කැප වෙනවාමයි කියන කාරණය මම තමුන්නාන්සේලාට මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.
හිතාදර මිත්‍රවරුණි, සෞඛ්‍යසම්පන්න ජන සමාජයක් අප ගොඩනැගිය යුතුයි. කෝවිඩ් – 19 වසංගතය නිසා රට තුළ සෞඛ්‍යමය අනාරක්ෂිත බවක් නිර්මාණය වී තිබෙනවා. ඊට අපි වැදගත් වැඩපිළිවෙලක් හරහා එය තුරන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් අපේ රටේ ඉලක්කයයි. එය බිහි කරන්නට අනිවාර්යෙන්ම අප කැප වෙනවා. මෙම බල ප්‍රදේශය දෙස බැලූ විට විරැකියාව බහුලයි. තරුණ පරපුර තමන්ගේම ආදායම් මාර්ගයක් තුළින් නිදහස් නිවහල් ජීවිතයක් ආරම්භ කරන්නේයැයි බලා සිටිනවා. රත්මලාන බල ප්‍රදේශයේ තරුණ පරපුරට මම ආරාධනා කරනවා සමගි ජන බලවේගය සමග එකතුවන්න… දිනවන්න මෙම ගමන… ශක්තිමත් කරවන්න මෙම ජයග්‍රහණය කියල. නියත වශයෙන්ම අපේ ගමන තුළ තාරුණ්‍යයට ඉඩක් ලබාදී විරැකියාවට තිරසර විසදුමක් ලබා දීමට අප කටයුතු කරනවාම’යි කියන කාරණය අප මේ අවස්ථාවේදී කියන්න කැමතියි.
රත්මලාන වැනි බල ප්‍රදේශයක් ගත්තාම බරපතල ලෙස නිවාස ප්‍රශ්නය තිබෙනවා. එක ගෙදර පවුල් ගණනාවක් ජීවත් වෙනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලයේ පටන් කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ගැටළුවට තිරසර විසදුමක් ලැබී නැහැ. අනු පවුල් ගැටළුවට විධිමත් විසදුමක් ලැබී නැහැ. කුලී නිවාසවල ජීවත් වන ජනතාවට තමන්ගේම වහලක් යට ජීවත් වීමේ වරම ලැබී නැහැ. මිතුරණි, රත්මලානේත් රටේ ජනතාවගේත් නිවාස සිහිනය විසදන්නට සමගි ජන බලවේගය අධිෂ්ඨාන කරගෙන සිටිනවායි කියන කාරණය මේ අවස්ථාවේදී කියන්න කැමතියි.
මෙම මැතිවරණ කොට්ඨාශය ගත්තොත් ඩෙංගු උවදුර බහුලයි. එය වළක්වාලන්නට පැහැදිලි විධිමත් ජාතික වැඩසටහනක් අද පේනතෙක් මානයේ නැහැ. ඒ සදහා ඍජුවම මැදිහත්ව ඩෙංගු උවදුර මුළුමලින්ම නැති භංග කිරීමට අපි අපේ වැඩසටහන දියත් කරනවා. හිතවතුණි, අපි ඉතාමත් ශක්තිමත් බලවේගයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූවකට වැඩි පිරිසක් අද අපේ සමගි ජන බලවේගය සමග තරග වදිනවා. මෙම බලවේගය තුළින් අප දක්ස නිපුනත්වය ඇති කණ්ඩායමක් බිහි කර දූෂණය වංචාව හොරකම නැති මේ රටේ පොදු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ක්‍රියාත්මක කරන යුගයක් අපි හදනවා. අපේ ආණ්ඩුවේ ඇමතිකම් කරනවායි කියන දේ පහසු වන්නේ නැහැ. අපේ අරමුණ වන්නේ තමුන්නාන්සේලාගේ ජන ජීවිතයට සෞභාග්‍ය උදා කර ලීමයි. ඒනිසා අපේ රජයක් තුළ මා ඔබ තුමාලට පොරොන්දු වෙනවා සෑම ඇමතිවරයෙක්ම අගමැතිවරයාගේ සිට පාර්ලිමේන්තුවේ සියලු දෙනා කැපවීමෙන් රට ගොඩ නැංවීමට පරාර්ථකාමීව කැප වන පිරිසක් අප බිහි කරනවා. අපේ දේශපාලනය තුළ සුරසැප විදීමක් නැහැ. අපේ සැපත පොදු ජන සැපතයි. අපේ ශක්තිය පොදු ජන ශක්තියයි. අපේ ජය වන්නේ පොදු ජන ජයයි. එමනිසා මිතුරණි, කවුරුවත් හිතන්න එපා සජිත් ගේ නායකත්වයෙන් පවතින ආණ්ඩුවක රට සවාරි, විනෝද සවාරි යන්න පුද්ගලිකත්වයට මුල් තැන දෙන්න හිතන්න එපා. සමගි ජන බලවේගයේ ඒවා නැහැ. අපි විසි හතර පැයම ඇප කැප වෙලා තුන්සිය හැඩපස් දවසෙම අපේ ආදරණීය මාතෘ භූමිය ගොඩනගන්නට දිවි පරදුවට තබා අපි අපේ රාජ්‍ය පාලනය දැය වෙනුවෙන් දේශය වෙනුවෙන් කැප කරනවා.
සහෝදරවරුණි, සාම්ප්‍රධායික දේශපාලනයත් අපේ දේශපාලනයත් අතර වෙනසක් තිබෙනවා. එය තමයි අප තනන පරාර්තකාමය. ඊට ආදර්ශය ලබා දෙන්නේ මායි. එනම් ඉහළම තැනින් එම ආදර්ශය ලබා දෙනවා. මම කියන්න කැමතියි අඩුවෙන්ම බදු මුදල් ලබා ගන්නා අගමැතිවරයා බවට මම අනිවාර්යෙන්ම පත්වන බව. රජයේ වරදාන ප්‍රතිලාභ පසෙක තබා මගේ වරදාන ජනතා වරදාන බවට පත් කරගන්නට ඔබලා අපට ලබා දෙන මෙම උතුම් වරම පණටත් වඩා සුරක්ෂා කරන බව මෙහිදී කියන්න කැමතියි. දුකෙන් පෙළෙන ජනයා සුඛිත මුදිත කරන පොදු ජන යුගයක් අප බිහිකරනවාමයි කියන දේ මා මෙහිදී අවධාරණයෙන් කියා සිටිනවා. අපේ රටේ ජන සමාජයේ හඩක් නොමැති ජනතාවගේ හඩ බවට අප පත් වනවා. දුකට පත්ව සිටින ජනතාවගේ හඩ බවට අප පත් වනවා. යමෙක් අසරණ වී සිටීද, කම්කරු ජනයාත් සුළු මධ්‍යම පන්තිය, රාජ්‍ය සේකයින් රැක ගන්නනට අප අනිවාර්යෙන් කටයුතු කරනවා.
රත්මලාන බල ප්‍රදේශයේ ජනතාවනි, මැතිවරණයෙන් පසුව අප ග්‍රාම රාජ්‍ය, නගර රාජ්‍ය සංකල්පය අප ආරම්භ කරනවා. මෙම සංකල්පය තුළ මේ මැතිවරණ කොට්ඨාශයේ ග්‍රම නිළධාරී වසම් 13 ම ඡන්ද පොළ මධ්‍යස්ථාන සියල්ලම හිරුණිකා මැතිණියගේ නායකත්වයෙන් ගම්මාන, කුඩා ගම්මාන, නගර, කුඩා නගර, වීදි, මාවත්, කඩමණ්ඩි යන සියල්ල විධිමත් සංවර්ධනයක් කරා ගමන් කරවනවා. නූතන යුගයට ඔබින ආකාරයෙන් අප ඒ සංවර්ධන කටයුතු සිදු කරනවා. මැතිවරණයට තව දින කීපයක් තව තියෙනවා. සමගි ජන බලවේගය කියන්නේ මහා වෘක්ෂයක්. හැම ජන කොටසකටම හැම සමාජ කොටසකටම අපේ මහා වෘක්ෂය තුළ සෙවණක් තිබෙනවා. ඒ තුළ සරණක් තිබෙනවා. හැමගේම සෙවණ වන්නට අප සූදානම්. මාතෘ භූමිය අප එක්සේසත් කරනවා. ඔබගේ ජවය අප දිනන ජයයි. අප මුළු රටම දිනනවා. සමගි ජන බලවේගයට ජය! ජනතාව මංමුලා කරල තමන්ගේ බඩගෝස්තරය වඩවාගන්න අද කන්ඩායම් රට වටේ යනව තුනෙන් දෙක ඉල්ලමින්. නමුත් සමගි ජන බලවේගය තුළින් යකඩ ගැහැණිය හිරුණිකා දිනවන්න කියා මා ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img