Wednesday, July 15, 2026
HomeNEWSරක්ෂණ සංස්ථාවෙන් ජාතික ආර්ථිකයට වැඩක් ගතයුතු බව ජනපති අවධාරණය කරයි.

රක්ෂණ සංස්ථාවෙන් ජාතික ආර්ථිකයට වැඩක් ගතයුතු බව ජනපති අවධාරණය කරයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙන ආයතනයක් බවට පත් කළ යුතුයි- ජනපති කාර්යක්ෂම හා ඵලදායී ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් රක්ෂණ සංස්ථාව ඉදිරියේදී මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙන ආයතනයක් බවට පත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරින් සමඟ අද (07) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් මෙහෙයුම් කාර්යයන් පිළිබඳව මෙහිදී සමාලෝචනයට බඳුන් කෙරුණු අතර, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පාඩු ලැබුවහොත් එහි සෘජු බලපෑමට ලක් වන්නේ එහි ආයෝජනය කර ඇති ජනතාව වන බැවින් නිසි කළමනාකරණයක් මඟින් එය වඩා ලාභදායී රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වා ගෙන යා යුතු බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති නුසිත් කුමාරතුංග මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img