Wednesday, July 15, 2026
HomeNEWSලෙබනනයේ සාමසාධක හමුදාවේ ශ්‍රී ලංකා හමුදා බලඇණියටශ්‍රී ලංකා තානාපතිවරයාගේ සුබ පැතුම්.

ලෙබනනයේ සාමසාධක හමුදාවේ ශ්‍රී ලංකා හමුදා බලඇණියටශ්‍රී ලංකා තානාපතිවරයාගේ සුබ පැතුම්.

ලෙබනනයේ සාමසාධක හමුදාවේ ශ්‍රී ලංකා හමුදා බලඇණියටශ්‍රී ලංකා තානාපතිවරයාගේ සුබ පැතුම්.ලෙබනනයේ ශ්‍රී ලංකාවේ තානාපති කපිල ජයවීර මහතා පසුගියදා ලෙබනනයේ නකෝරා හි පැවති 15 වන ශ්‍රී ලංකා හමුදා බලඇණියේ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්කාලීන බලඇණියේ (UNIFIL) පදක්කම් ප්‍රදානෝත්සවයට සහභාගී විය.එම උත්සවයේදී, ලෙබනනයේ සාම සාධක හමුදාවේ සාර්ථක කාර්යභාරය පිළිබඳව තානාපතිවරයා ශ්‍රී ලංකා හමුදා බලඇණියට සුබ පැතුවේය. එමෙන්ම මෑත කාලීන ලෙබනනයේ යුද්ධමය තත්ත්වයන් මධ්‍යයේ සාමය රැකීම සඳහා ධෛර්යයවන්තව සහ නිර්භීතව කටයුතු කළ ශ්‍රී ලංකා හමුදා බලඇණිය අගය කිරීමටද කටයුතු කළේය. තවද, ලොව පුරා සාම සාධක හමුදාවේ ජාත්‍යන්තර කාර්යභාරය තානාපතිවරයා විසින් පැහැදිලි කරන ලද අතර එය හමුදා බලඇණියේ දැඩි අවධානයටද ලක්විය.මෙම අවස්ථාවට UNIFIL හි නියෝජ්‍ය හමුදා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් චොක් බහදූර් ඩකාල් සහ ශ්‍රී ලංකා හමුදාවේ මේජර් ජෙනරාල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම, ආර්.ඩබ්ලිව්.පී., ආර්.එස්.පී., යූ.එස්.පී., එන්.ඩී.සී. පී.එස්.සී. යන මහත්වරු සහභාගී වූහ. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෙබනන් ශාඛාවේ නිලධාරීහුද මෙම අවස්ථාවට සහභාගී වුහ.වර්තමානයේ ලෙබනනයේ පිහිටි UNIFIL හි 15 වන ශ්‍රී ලංකා බලඇණිය හමුදා නිලධාරීන් 125 දෙනෙකු සහ සෙසු නිලයන්ගෙන් සමන්විත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img