Friday, August 21, 2026
HomeNEWSරටවල් දෙකක තානාපතිවරු ඇමති බිමල් හමුවෙති

රටවල් දෙකක තානාපතිවරු ඇමති බිමල් හමුවෙති

ශ්‍රී ලංකාවේ මාලදිවයින් සහ නේපාල තානාපතිවරු අමාත්‍ය බිමල් රත්නායක මහතා හමුවෙති.*ඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති මසූඩ් ඉමාද් මහතා සහ නේපාල තානාපති ආචාර්ය පුර්ණා බහදූර් මහතා 2025.07.23 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා හමු විය.මෙහිදී රාජ්‍යයන් අතර ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන, සෞඛ්‍යය සහ ගුවන් සේවාවන්හි වර්ධනය සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා විය. වත්මන් රජය රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කර, දූෂණයෙන් තොරව සිදුකරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව දෙරටේ තානාපතිවරු සිය ප්‍රසාදය පළ කර සිටියහ.එමෙන් ම ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථාවන් තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණ. – මාධ්‍ය අංශයප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 විරුද්ද මහනායක හිමිවරුත් හොරුද.. ඇප පිටද.. සැක පිටද..

දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු. ​දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක...

නන්දා මාලනිය වෙනුුවෙන් තෙදිනක ශෝක කාලයක් – අවසන් කටයුතු 22 සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී, විශාරද ආචාර්ය නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස...

දිස්ත්‍රික්ක රැසකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...

වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් – පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කථානායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img