රට සංවර්ධනය කිරීමට හා ජනතා අපේක්ෂාවන් ඉටුකරලීමට ශක්තිමත්පා ර්ලිමේන්තුවක් අවශ්‍යයි
රට සංවර්ධනය කිරීමට හා ජනතා අපේක්ෂාවන් ඉටුකරලීමට ජනාධිපතිගෝඨභය රාජපක්ෂ මහතාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දීමටජනතාව කටයුතු කරනු ඇති බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ(19) දින ජා ඇල පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.
එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමත් සමග අසරණ වූ එක්සත් ජාතික පාක්ෂිකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා රොඳ බැදෙමින් සිටිනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබා දීමට නොහැකි වීම පිළිබදව ගම් මට්ටමින් එක්සත් ජාතික පාක්ෂිකයින් කණගාටුවට පත්ව සිටිනවා. ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සදහා අවශ්‍ය සහායෝගය ඔවුන් ලබා දෙනු ඇති බව නිමල් ලාන්සා මහතා පැවසීය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය රට තුළ ව්‍යාප්ත වී රටේ ජනතාව එහි ගොදුරු බවට පත්වී රට අරාජිකත්වයට පත්වනු දැකීම විපක්ෂයේ දේශපාලන පක්ෂ වල අපේක්ෂාව වී තිබෙනවා. ඉන් සිය දේශපාලන වාසි ලබා ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. යහ පාලන රජය මෙම කොවිඩ් වසංගත තත්ත්වය තුළ රට පාලනය කළේ නම් රටේ ජනතාවට කුමක් වේදැයි සිතා ගත නොහැකියි. රටේ හා ජනතාවගේ වාසනාවට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් වූ බව නිමල් ලාන්සා මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රටට ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්තයක් කිරීමට ජනාධිපතිතුමා සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි විශ්වාසනීය නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තු යැවීම ජනතාවගේ වගකීමක් මෙන්ම ඒ සදහා ලැබුනු හොදම අවස්ථාව මෙය බවද නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය තුළින් රට තුළ විවිධ අර්බුද ගොඩනැගුනු අතර එය පසුගිය යහ පාලන කාලය තුළ හොදින් අත්විදීමට සිදුවුනා. මෙම අර්බුදකාරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට ජනතාවාදී නව ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සදහා තුනෙන් දෙකක ආණ්ඩු බලයක් ලබා ගැනීම සදහා කටයුතු කරන බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.
























