Sunday, September 27, 2026
HomeNEWSරනිල් වෙනුවෙන් ජාත්‍යන්තරය පෙළගස්වන බවට සෝල්හයිම් සහතික වෙයි

රනිල් වෙනුවෙන් ජාත්‍යන්තරය පෙළගස්වන බවට සෝල්හයිම් සහතික වෙයි

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කරමින් ඔහු වහාම නිදහස් කරන ලෙස ශ්‍රී ලංකාවේ හිටපු විශේෂ සාම නියෝජිතයෙකු වන එරික් සොල්හයිම් මහතා ඉල්ලයි.X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සොල්හයිම් මහතා සඳහන් කර ඇත්තේ, වික්‍රමසිංහ මහතා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින “ශ්‍රී ලංකාවේ, දකුණු ආසියාවේ සහ ලොව පුරා සිටින නායකයින්” සමඟ තමන්ද එක්වන බවයි.ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වික්‍රමසිංහ මහතා 2022 වසරේ ඇති වූ ආර්ථික හා දේශපාලන අර්බුදයේදී “ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා” බවයි.තවදුරටත් අදහස් දක්වමින් සොල්හයිම් මහතා කියා සිටියේ, වික්‍රමසිංහ මහතාට එල්ල වන චෝදනා “අගයක් නැති” බවත්, එම චෝදනා සත්‍ය වුවද, යුරෝපයේදී ඒවා කිසිදු අපරාධමය හෝ පිළිගත නොහැකි හැසිරීමක් ලෙස නොසලකන බවත් ය.ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ව්‍යාපාරයට සිය සහාය පළ කර ඇති හිටපු නෝර්වේ දූතයා, බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියේ වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩු පැවරීම වෙනුවට “සැබෑ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන” ලෙසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 නොවැම්බර් 01 වන දා සිට TIN සහතිකය අනිවාර්යකෙරේ

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ සහතිකය හෙවත් TIN සහතිකය ලබා ගැනීම මේ වන විට අනිවාර්ය කර තිබේ. ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ වාසය...

ලෝක සංචාරක දිනය අදයි

ලෝක සංචාරක දිනය අදට (27) යෙදී තිබේ.මෙවර එහි තේමාව වන්නේ “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනයයි“.ලෝක සංචාරක සංවිධානය (UNWTO) 1979 සැප්තැම්බර් මාසයේදී මෙම දිනය නම්...

දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමකින් 17ක් මරුට

දකුණු අප්‍රිකාවේ Gauteng ප්‍රාන්තයේ රාත්‍රී සමාජශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට...

ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වන එක්දින තරගය අද

රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන එක්දින තරගය අද (27) ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ, මෙරට වේලාවෙන් පස්වරු 03.00ටයි. කණ්ඩායම් දෙකම තරග එක බැගින් ජයගෙන සිටින...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img