ආරක්ෂක අංශවලට අපේ පූර්ණ ගරුත්වය හිමි වෙනවා හැබැයි රහස් රාජ්‍යයක් හරහා දේශපාලන වුවමනා ඉටු කරන්න දෙන්න බැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
මෙරට බුද්ධි අංශ ආරක්ෂක අංශ 30 වසරක යුද්ධය ජය ගන්න කළ කාර්ය ගැන සදා ණය ගැති වුවත් මේ රටේ සැගවුණු රජයක් ක්‍රියාත්මක විය නොහැකි බැවින් සමහර දේශපාලඥනයන් බුද්ධ අංශයේ සමහර නිලධාරීන් උපයෝගී කර ගෙන ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්, එක්නැලිගෙඩ මාධ්‍යවේදීන්ට පහරදීම් සිදු කළේ නම් ඒවාට විරුද්ධ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී පා.ම. සරත් වීරසේක මහතා විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
තමා කිසිවිටෙක බුද්ධි අංශ පාවා නොදෙන බවත් ත්‍රස්තවාදය විනාශ කරන්න කටයුතු කළ ත්‍රිවිද හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක අංශ බුද්ධි අංශවලට ණය ගැති නමුත් සමහර නිලධාරීන් යොදවා මිනි මරන්න හා රහස් රාජ්‍යයක් ක්‍රියාත්මක කරන්න ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.






















