Tuesday, September 22, 2026
HomeNEWSLatest Newsරාජ්‍ය අමාත්‍යාංශ 39කට ලේකම්වරු පත්කෙරේ

රාජ්‍ය අමාත්‍යාංශ 39කට ලේකම්වරු පත්කෙරේ

රාජ්‍ය අමාත්‍යාංශ 39කට ලේකම්වරු පත්කෙරේ

රාජ්‍ය අමාත්‍යාංශ 39 ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර නොවැම්බර් මස 25 වන දින සිට එම පත්වීම් වලංගු බව සඳහන් වේ.

ඒ අනුව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පත්කර ඇති අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පකර තිබේ.

වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩී.පී.ජී. කුමාරසිරි මහතාත්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජී.සී. කරුණාරත්න මහත්මියත්, ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්.උඩුවාවල මහතාත් පත්කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img