රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ සහෝදරයා නිදහස් වීමත් සමග රජය ඩීල් දමා ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එවැනි අය සමග මෙම රජය කිසිදු අයුරකින් ඩීල් දමා නොමැති බව අවධාරණය කරනවා – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ සහෝදරයා නිදහස් වීමත් සමග රජය ඩීල් දමා ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එවැනි අය සමග මෙම රජය කිසිදු අයුරකින් ඩීල් දමා නොමැති බව අවධාරණය කරන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය
වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා
පාස්කු ප්‍රහාරය පිළිබඳව මුල සිටම කතා කළ නිර්භීත ආගමික නායකයෙක් ලෙස කාදිනල් හිමිපාණන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා. පැහැදිලිවම අපි කියනවා අපි කිසිදු අයකු සමග ඩීල් දාන්නේ නැහැ. ඒක අපි රජයක් විදිහට පැහැදිලිව කියනවා. අතිගරු ජනාධිපතිතුමාවත්, අගමැතිතුමාවත්, රජයවත් කිසිදු අයෙකු සමග ඩීල් දැමීමට සූදානම් නැහැ.
කොහොමද රිෂාඩ් මන්ත්‍රීවරයාගේ සහෝදරයා නිදහස් වුණේ කියන එක පිළිබඳව සොයා බැලීමක් සිදු කළ යුතුයි. 20වන සංශෝධනයටවත් වෙනත් දේකටවත් අපි සහාය ලබා ගැනීමට සූදානම් නැහැ. ඒ පිළිබඳව අපි පැහැදිලිව කියනවා ඩීල් තිබුණේ පසුගිය ආණ්ඩුවේ. අපි කිසිම තැනක ඩීල් දන්නේ නැහැ. රටේ ජනතාව බිල්ලට දීලා, නැත්නම් බිලි ගත්ත අයත් සමග අපි කිසිදු ගනුදෙනුවක් නැහැ. සමහර දේශපාලන පක්ෂ මේවා දේශපාලනයට ඇද ගන්න හැදුවට අපි ඒවට ඉඩ තියන්නේ නැහැ. අපි කාදිනල් හිමිපාණන් වහන්සේ කියන හැම දෙයක්ම පිළිගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පල කලේ මහනුවර හන්තාන ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.






















