රිෂාඩ් හා රවීගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි.
පසුගිය යහපාලන ආණ්ඩුවේ සිටි අමාත්‍යවරුන් දෙදෙනෙකු වන රිෂාඩ් බදුදීන් සහ රවි කරුණානායක යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ. රිෂාඩ් බදුර්දීන් මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නේ වව්නියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේදීය. ඒත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙනි. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නේ කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථාන කාර්යාලයේ දී ය. එම ටහන් කර ගැනීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා පිළිබඳවයි.






















