රුසියානු ප්රවෘත්ති සංස්කාරකවරියක් සියදිවි නසා ගනී
රුසියානු ප්රවෘත්ති සංස්කාරකවරියක් ගිනිතබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. නිස්නි නොව්ගොරොඩ් නම් නගරයේ පිහිටි ස්වදේශීය අමාත්‍යංශ කාර්යාලය ඉදිරිපිටදී එය සිදුවී ඇතැයි වාර්තා වේ.
අයිරිනා ස්ලවීනා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා තිබුණේ, “මම ඔබලාගෙන් ඉල්ලා සිටිනවා මගේ මරණයට රුසියානු ෆෙඩරේෂනයට අවලාද නගන ලෙස,” යනුවෙනි.
බලධාරීන් පැවසුවේ දරුණු පිළිස්සුම් තුවාල සහිතව ඇයගේ සිරුර හමු වූ බවය.






















