ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යැයි චෝදනා කරමින් එම කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ල ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම විරෝධතාව මතුකරන බව දන්වා සිටියේය.
ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැමිණිල්ල කැඳවා තිබේ.
පෙත්සම් විභාගය මේ වනවිට පැවැත්වෙයි.






















