Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsවනජීවී දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙයි

වනජීවී දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙයි

ගම්වදින හිවලුන් හේතුවෙන් භීතියට පත්ව සිටින මිල්ලනිය මුවපට්ටිය ගම්මානයේ ජනතාව ගැන පසුගියදා “අද දෙරණ“ හෙළිදරව් කළේය.

එම හෙළිදරව්වෙන් පසු එම ගම්මානයේ ආරක්ෂාව සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

හිවලුන් රංචු පිටින් කඩාවැදී නිවෙස්වල ඇති කරන සතුන් සහ මාර්ගයේ ගමන් ගන්නා මිනිසුන්ව සපා කෑම පිළිබඳ සිද්ධීන් වාර්තා වූ අතර හිවලුන් ගේ සපාකෑම නිසා මෑතකදී මරණ දෙකක් ද එම ගම්මානයෙන් වාර්තා වුණි.

භීතියට පත්ව සිටින කළුතර මුවපට්ටිය ගම්මානය පිළිබඳව “අද දෙරණ“ ඉකුත් සඳුදා අනාවරණ කළේ වනජීවී ඇමතිගේ අවධානයට ඊට යොමුකරමිනි.

හිවලුන් සපාකෑම නිසා ජලභීතිකා රෝගය වැළඳී තිබූ මී ගවයකුද අද මිය  ගිය බව අප වාර්තාකරු පැවසීය.

අද දෙරණ මේ පිළිබඳ කළ අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙස කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

ගමට කඩා වදින හිවලුන් පිළිබඳ වනජීවි බලධාරීන්ට ක්ෂණිකව දැනුම්දීමට ගම්වාසීන් සඳහා 1992 විශේෂ දුරකථන අංකය හඳුන්වාදීමට එහිදී පියවර ගැනුණි.

එසේම රාත්‍රී කාලයේ ගමන් බිමන් යාමෙන් වළකින ලෙසද ගම්වාසීන්ගෙන් ඉල්ලීමක් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img