සමගි ජන බලවේගය සමඟ සුහදත්වයක් ගොඩනගා ගනිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.
අද (17) ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
දිවංගත හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අදට යෙදී ඇති 114 වැනි ජන්ම දිනය වෙනුවෙන් පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් ද අද සිදු කෙරුණි.
ප්රශ්නය – දුරකථනයෙන් කොල් එකක්වත් ආවේ නැද්ද සජිත්ගෙන් ?
එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන – “ආවා ආවා… මම ඊයේ කථාකරා.. සජිත් ප්‍රේමදාස මහතාටත් කථා කළා, රංජිත් මද්දුදම බණ්ඩා මහතාටත් කථා කළා, සමගි ජන බලවේගයේ අපේ මිත්රවරුන්නේ ඉන්නේ ගොඩක් අය කථා කරලා සුබ පැතුවා. ඇත්තෙන්ම අපිට පුළුවන් ඉදිරියේදී එකට වැඩ කරන්න“






















