ගම්පහ, කළුතර, රත්නපුර, බේරුවල, පුත්තලම, අනුරාධපුරය ආදී ප්‍රදේශ රැසක ඊයේ (10) පස්වරුවේ සහ රාත්‍රියේ විදුලිය බිඳවැටීම් සිදුවී තිබේ.ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ගෙන ඇති වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳවැටීම් 12,000 කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බවට වාර්තා වෙයි.






















