Tuesday, November 10, 2026
HomeNEWSව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය පිළිබඳ පොලීසියෙන් දැනුවත් කිරීමක්

ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය පිළිබඳ පොලීසියෙන් දැනුවත් කිරීමක්

උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කිරුළපන, පාදුක්ක, කළුතර හා රංගල යන ප්‍රදේශවල පසුගිය සතිය තුළ පොලිස් ස්ථාන කිහිපයක විසින් සිදුකළ සොදිසි මෙහෙයුම්වලදී ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කරන ස්ථාන කිහිපයක් වටලා ඇත.

එහිදී, රුපියල් 5,000 සහ 1,000 ව්‍යාජ මුදල් නොට්ටු, එම ව්‍යාජ නොට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් පරිඝනක යන්ත්‍ර සහ තවත් උපාංග සමග සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වැඩිදුටත් විමර්ශන කටයුතු සිදුකරණ බව පොලිස් මාධය අංශය කළ නිවේදනයේ සඳහන් වේ.

මෙලෙස ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද වැඩි වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු හුවමාරු කිරීම සඳහා අදාළ පුද්ගලයින් විසින් එම උත්සව සමය උපයෝගි කර ගනිමින් කූඨ උපක්‍රම භාවිතා කරනු ලබන බවටද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය අවධානය කරයි.

උත්සව සමයේ මහජනතාව විවිධ අවශ්‍යතා සඳහා බහුලව නගර තුළ සංචාරය කරමින් වෙළෙඳ භාණ්ඩ මිල දී ගැනීම් සිදුකරණ අතර එම ගණුදෙනුවලදී ගෙවීම් සඳහා වැඩි වශයෙන් මුදල් නෝට්ටු භාවිතා කරනු ලබයි.

එසේ හෙයින් උත්සව සමයේ දී වෙළෙඳසැල් හිමියන් ඇතුළු මහජනතාව විසින් මුදල් නොට්ටු මාරු කිරීම, ගෙවීම කටයුතු සිදුකිරීම වැනි අවස්ථාවන්වලදී ව්‍යාජ මුදල් නොට්ටු සංසරණය වීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසට පොලීසිය මහජනතාවට දන්වා සිටී.

මුදල් නෝට්ටුවේ වලංගුතාවය හඳුනා ගැනීම සඳහා සලකුණ කර ඇති දිය සලකුණ, මුද්‍රිත කඩදාසියේ ස්වභාවය, ආරක්ෂිත නූල හා නොට්ටුවේ වරණය සම්බන්ධයෙන් අවධානය යොමු කර තම මුදල් ගණුදෙනු සිදුකරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එසේම මුදල් නොට්ටු පරිරණයේදී මෙවැනි ව්‍යාජ මුදල් නොට්ටු හුවමාරු කිරීම සඳහා පැමිණෙන වංචානික පදුගලයින් පිලිබඳව සැකයක් ඇති වු වහාම ඒ සම්බන්දයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත හො ආසන්නතම පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස ද පොලීස් මාධ්‍ය අංශය වැඩිදුරටත් දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img