Sunday, November 15, 2026
HomeNEWSLatest Newsව්‍යාජ වීසා කාඩ්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගෙන ඉතාලි යෑමට තැත් කළ...

ව්‍යාජ වීසා කාඩ්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගෙන ඉතාලි යෑමට තැත් කළ හලාවත තරුණිය

ව්‍යාජ වීසා කාඩ්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගෙන ඉතාලි යෑමට තැත් කළ හලාවත තරුණිය

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ වීසා කාඩ්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යයේ දෝහා හරහා ඉතාලිය වෙත යෑමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය 19 හැවිරිදි හලාවත, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

මෙම තරුණිය, ඊයේ (16) අලුයම 3.15 ට කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව යන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 669 දරන ගුවන් යානයට නැගීම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ කවුළුව වෙත පැමිණි මෙම තරුණිය ඉදිරිපත් කළ ඉතාලියට ඇතුළු වීම සදහා නිකුත් කර තිබූ නේවාසික වීසා කාඩ්පත පිළිබඳව සැක සිතූ කටාර් ගුවන් සේවයේ නිලධාරීන්, එම ලියකියවිලි වැඩිදුරටත් විමර්ශනය කිරීම සඳහා ගුවන්තොටුපළේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබුණි.

එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම තරුණිය විසින් ඉදිරිපත් කළ වීසා කාඩ්පත ඇතුළු අනෙකුත් ලියකියවිලි තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කරන අතරතුර ඇයගෙන් ඒ පිළිබඳ ව වැඩිදුර ප්‍රශ්න කිරීම් ද සිදුකර තිබේ.

එහිදී එම තරුණිය හෙළිකර ඇත්තේ, ඉතාලියේ නේවාසික වීසා කාඩ්පතක් හිමි කාන්තාවකගේ තොරතුරු යොදා ගෙන මෙම තරුණියගේ ජායාරූපය පමණක් මෙම ලියකියවිලිවලට ඇතුළත් කර වීසා කාඩ්පත මෙන්ම එම තොරතුරුම ඇතුළත් කර ගුවන් ගමන් බලපත්‍රය ද සකස් කර ඇති බවය.

එමෙන්ම මෙම වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර වලට ව්‍යාජ තොරතුරු සහිත මුද්‍රාවක් ද භාවිත කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.

ඉන්පසුව මෙම තරුණිය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img