Sunday, November 15, 2026
HomeNEWSLatest Newsපැලට ගිය ඇමති ජොන්ස්ටන් -දර්ශන සහිතයි

පැලට ගිය ඇමති ජොන්ස්ටන් -දර්ශන සහිතයි

පැලට ගිය ඇමති ජොන්ස්ටන් -දර්ශන සහිතයි

නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ පවතින වන අලි ගැටලුවට විසඳුමක් දීම සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

වන අලින් හේතුවෙන් වගාවන් විශාල වශයෙන් විනාශයට පත්ව ඇති බව ද මෙහිදී සඳහන් කර සිටි අමාත්‍යවරයා, අලීන් නතර වෙන අක්කර 150ක් පමණ වු ලඳු කැලෑ හෙළි කිරීමට තීරණය කළ බවත් පැවසීය.

එමෙන්ම විශේෂ පොලිස් මෙහෙයුමක් ද ඊට සමගාමීව සිදුකිරීමට ඉල්ලීමක් කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, නිකවැරටිය ප්‍රදේශයේ වන අලි පළවා හැරීමට අවශ්‍ය අලි වෙඩි 300ක් පෞද්ගලිකව මැදිහත්ව ගෙන්වා දුන් බව ද කියාසිටියේය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපතිවරයා විසින් පත්කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා දින 10ක් තුළ එම රාජ්‍ය අමාත්‍යවරයා ද කුරුණෑගල දිස්ත්‍රික්කයට ගෙන්වා අලි ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවය.

මේ අතර, ඊයේ දින නිකවැරටිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවේ නිරත ව සිටි අමාත්‍යවරයා රාත්‍රී කාලයේ දී පැල් රකින පුද්ගලයෙක් සමග ද සුහද කථා බහක නිරත විය.

ඇමති – මොනව ද ගෙනාවේ කන්න…
පැල් රකින පුද්ගලයා – බත්

ඇමති – හොඳයි වගේ කෑම…
පැල් රකින පුද්ගලයා – අපි ඉතින් සැප විඳින මිනිසු යෑ…

ඇමති – බඩගින්නක් ආවා දකින කොට…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img