විකුණන්න හිටපු ලබු ගිරව් නිරෝධායනයට.
අලෙවිය සඳහා ලබු ගිරවුන් තිදෙනකු සන්තකයේ තබාගෙන සිටීම සහ සතුන් විකිණීම ස්ථානයක් පවත්වාගෙන යාම යන චෝදනා යටතේ වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ දෙක බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පොලොන්නරුව මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා නියෝග කරයි. මෙම ලබු ගිරවුන් තිදෙනා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පිහිටි පසු වෛද්‍ය ඒකකයට මුදාහැර නීරෝධායනය කර පසුව සුදුසු පරිසරයකට මුදාහරින ලෙස වනජීවී නිලධාරීන්ට අධිකරණය මගින් නියෝග කර තිබේ. ලබු ගිරවුන් ආරක්ෂිත පක්ෂි විශේෂයකි.






















