Sunday, November 15, 2026
HomeNEWSLatest Newsවිජයකලා මහේෂ්වරන්ට සිතාසි

විජයකලා මහේෂ්වරන්ට සිතාසි

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට සහ 2015 වසරේ පැවැති මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට තරග කළ කුමරන් සර්වානන්ද ට ලබන 17 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

ඒ ජනාධිපති කොමිසම හමුවේ චුන්නාකම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඥාණලිංගම් මයුරන් මහතා ලබාදුන් ප්‍රකාශයකට අනුවය.

අද (05) කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඥාණලිංගම් මහතා ප්‍රකාශ කළේ සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනයට කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂීකුමාර් හෙවත් සුවිස්කුමාර් නැමැත්තා මුදාගැනීම සඳහා විජයකලා මහේෂ්වරන් මහත්මිය ඍජුව මැදිහත් වූ බවය.

එමෙන්ම චුන්නාකම් පොලිස් බල ප්‍රදේශයේ දී 2011 වසරේ සිදුවූ කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු අත්අඩංගුවෙන් මිදී පළා යාමේදී දියේ ගිලී මියයාම සම්බන්ධයෙන් තමා ඇතුළු නිලධාරීන් 05 දෙනෙකු වසර 10ක කාලයක් සඳහා සිරගත කරනු ලැබුවේ විජයකලා මහේෂ්වරන්ගේ බලපෑම මත විය හැකි බවද ඔහු පැවසීය.

ඒ අනුව, හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ට සහ කුමරන් සර්වානන්ද යන අයටත් සැප්තැම්බර් 17 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරනු ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img