මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3118 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, අද (05) නව ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගැනීමත් සමගය.
ඉන්දියාව, බහරේන් සහ කටාර් හි සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේය.
ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 188 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 2918 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, අද දිනයේ ද තවත් ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟය.
ජාතික බෝවන රෝග විද්‍යායතනය, ඉරණවිල සහ වැලිකන්ද යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් එලෙස පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
සැක කටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් 79 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක නේවාසිකව රැඳී සිටින බව ද සඳහන් වේ.






















