විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන විජිත අවදියෙන්මැද පෙරදිග යුදගිනි සමග ඇතිවී තිබෙන වර්තමාන තත්වය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ දැඩි අවධානය යොමු වී තිබේ. මේ නිසා ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් එම රටවල තානාපති කාර්යාලය වලට උපදෙස් ලබාදී තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් රැකියාවල නිරත වෙමින් ජීවත්වන අතර ලෙබනනයේ ද ශ්‍රී ලාංකිකයෝ අට දහසකට ආසන්න පිරිසක් ජීවත් වෙති.ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සහ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර සමඟ නිරන්තරයෙන් දුරකථනයෙන් සම්බන්ධ වෙමින් විජිත හේරත් අමාත්‍යවරයා මේ ගැන පසුගිය දිනවලදී සොයා බලන අයුරු දක්නට ලැබිණ.






















